spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුළුඳුල් නිර්මාණයක් ලෙස සම්මාන ලැබූ මනුසත්තු ගැන කතා බහක්…..

Must read

මීගමුව දක්ෂ කලා කරුවන්ගේ නිජ බිමකි. තම කලා හැකියාවන් ඔපවත් කරගනිමින් ඔවුන් හිනිපෙත්තේ ඉහළ තැන්වලට යාමට සමත්විය. මෙකී කලා කරුවන් පිළිබඳව යම් ඇගයීමක් කළ යුතුය යන්න අප නිතර කතාබහට ලක් කළ අදහසකි. එමෙන්ම අප කතාවට සීමා නොකර එම අදහස ක්‍රියාවට ලක් කිරීමටද අදහස් කරමින් , ඉදිරියේ දී තවත් කලාකරුවන් හමුවීමේ අදහසද ඇතිව මෙම කටයුත්ත සඳහා ආරම්භක පියවර තැබුවෙමු .
ඒ අනුව
අප හමුවූ ඔහු නෙවිල් ද සිල්වා නම් විය. ඔහු ගුරුවරයෙකු වශයෙන්ද සේවය කර ඇති අතර කලාව තුළද නමක් දිනාගත්තෙකි. ‘ ‘ ‘ආලෝකය ‘ නම්වූ තම නිවසේ පෝටිපෝව මත අසුනක් මත හිඳ නිදහස් සුවය විඳිමින් සිටින අතරතුර ඔහු අප සමඟ කතා බහට යොමුවූයේ මෙසේය.
අප පළමුව විමසා සිටියේ මනුසත්තු වේදිකා නාට්‍ය පිළිබඳවයි. ඔහු ඒ ගැන තම හඬ අවධි කළේ මෙසේය .

“මනුසත්තු කියන්නෙ මගේ කුළුඳුල් වේදිකා නාට්‍ය නිෂ්පාදනය , අධ්‍යක්ෂණය . මීගමුවෙ සුවිශේෂ හැකියාවන් ඇති තරුණ කණ්ඩායමක් එකතු කරගෙන මට මනුසත්තු වේදිකාවට ගේන්න පුළුවන් වුනේ ඔබ අපි කව්රුත් දන්නා හඳුනන ප්‍රවීන ලේඛක සිඩ්නි මාකස් ඩයස් මගේ පාසල් මිතුරා එදා මට ලියල දීපු මනුසත්තු නාට්‍ය පිටපත නිසා .අපි කාගෙත් කැමැත්ත මත වුවමනාව මත නාට්‍ය දැම්ම තරඟයට . එදා මෙදා තුර සම්මාන 11 ක් දිනාගෙන මනුසත්තු 1989 වසරේ හොඳම නිෂ්පාදනය , අධ්‍යක්ෂණය බවට පත්වෙනව. අපි දන්නවා එතනින් බිහිවෙච්ච තරුණ කණ්ඩායම අද වෙනකොට කලා ⁣කේෂේත්‍රයේ බොහෝ ඉහළ තැන්වල ඉන්නවා.”

එය පළමුව නිර්මාණය වන්නේ සිඩ්නි මාකස් ඩයස් නම්වූ ප්‍රවීන ලේඛකයාගේ සිත තුළය. එය පසුව පිටපතක් ලෙස එළිදැක නෙවිල්ද සිල්වා අතට පත්වෙයි. ඒ අනුව ඔහු එහි නිෂ්පාදක සහ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරයි. අවසන(1989දී ) වේදිකා නාට්‍යයක් ලෙස ⁣යෞවන නාට්‍ය උළෙලේදී සම්මාන 11 ක් දිනාගනී.

මෙම නාට්‍ය සිඩ්නි මාකස් ඩයස් අතින් ලියැවීමත්, එය නිෂ්පාදනය , අධ්‍යක්ෂණය කිරීමට නෙවිල් ගේ දායකත්වය නොවන්නට ‘මනුසත්තු’ නාට්‍ය අපට දැකගත නොහැකි වනු ඇත . එසේම මේ නාට්‍යයේ සදහා දායකත්වය දුන් රිචඩ් මානමුදලි අද කලාක්ෂේත්‍රයේ වැදගත් ස්ථානයක් හිමිකරගෙන ඇත.

කෙසේ නමුත් මෙය මීගමු නගරයේ කලා ඉතිහාසයේ සටහන් වන මහඟු කලා නිර්මාණයක් බව කිවයුතුය .

සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article