spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ හෘද රෝග ඒකකයට මොකද වුනේ ?

Must read

හදිසියේම ඇතිවන හෘද රෝගි තත්වයක් යනු විනාඩි කිපයක් තුල පවා ජිවිත ඉරණම තින්දු විය හැකි අවදානම් තත්වයකි. මේ නිසාම ඒ් තත්වයට නිසි ප්‍රතිකාර ලබාදිමට හැකි තැනක් මීගමුව වැනි අතිශය වැදගත් කමක් සහිත නගරයකට ඉතාමත් අවැසිය.
ඒ නිසා හදවත් ඇති මිනිසුන් ගැහැණුන් පිරිසක් එක්ව රජයේ ආධාර නොමැතිව වුවද පරිත්‍යාගශිලින්ගේ අනුග්‍රාහක දායකත්වයනන් මගින් මේ වන විට වර්ග අඩි 8000 ක පමණ හෘද රෝග ඒකකය සදහා තැනැක් සකස් කර තිබේ.
ඒ් සදහා ඇවැසිව තිබුන ඇතැම් උපකරණ මෙන්ම ඇදන්ම මේ වන විට ලැබි තිබේ.

ඒවන් පසුබිමකදි මිගමුව අත්‍යවශ්‍යම මේ හෘද රෝග ඒකකය පටන් නොගන්නේ ඇයිදැයි අප මිගමුව රෝහල් පදනමේ ප්‍රධානි ක්‍රිශාන්ත දල්පාදු මහතාගෙන්ද විමසා සිටියෙමු .

එයට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ හදවත් ඇති පරිත්‍යාගශිලින්ගේ දායකතත්වයෙන් සියලු කටයුතු මේ වන විට නිමවා තිබුනද අවැසි කාර්ය මණ්ඩලය සපයා ගැනිම පමා විම නිසා හෘද ඒකකය ආරම්භ කිරිම පමාවෙමින් තිබිම සැබැවින්ම අවසනාවන්ත තත්වයක් බවය.

මේ පමාව ගැන හෘද රෝග විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග ගෙන් විමසා සිටි අවස්ථාවේ එතුමිය කියා සිටියේ පසුගිය කොවිඩ් තත්වය නිසා කාර්ය මණ්ඩල ලබාගැනිමට ප්‍රයෝගියක අපහසු තත්වයක් පැවැතියද දැන් එය විසදගැනිමට කටයුතු කළ හැකිව ඇතැයි තමන් විශ්වාස කරන බවය.
සැබැවින්ම හෘද රෝග ඒකකය ආරම්භ කිරිමට දැන් නොහැකි වි ඇත්තේ ඇයිද දැන් පැහැදිලිය. රෝහල් අධ්‍යක්ෂකවරියද මේ සදහා හැකි උපරිම සහය ලබාදිමට සුදානමින් සිටින බවද රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

ඒ අනුව හෘද ඒකකයට අවැසි කාර්ය මන්ඩල ලබාදි හදිසි තත්වයන් යටතේ මියයාමට වැඩි ඉඩක් ඇති හෘද රෝගින් ජිවිතය ලබාදිමට අවැසි කටයුතු නොපමාව සිදුකිරිමට අවැසි බලධාරින් කටයුතු කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.
මෙම ඒකකය ගොඩනැගිමට සිය පරිත්‍යාගශිලි දායකත්වය ලාබ දුන් සියල්ලෝම දැන් බලා සිටින්නේ ඔවුන්ගේ අරමුණ මල්ඵල ගැන්වෙන් දිනය තවත් කල් යාවිදෝයි කියාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article