spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කූට ලේඛන සකසා මාට්ටු වුණ සේවකයෙකුට නියෝජ්‍ය කොමසාරිස්තුමියගෙන් උසස්විමක් !

Must read

bribery noteමීගමුව මහනගර සභාවේ කම්කරු වෘත්තිය සදහා තෝරාගෙන සිටි සේවකයෙකු  විසින් අදාල තනතුර සදහා කූට ලෙස සැකසු අධ්‍යාපන සහතිකයක් ඉදිරිපත් කිරිම පිලිබදව ගැටළුවක් මතුව තිබුණි.ආදල සේවකයා පෙරියමුල්ල සුසාන භුමියේ බලාගන්නා ලෙසින් කටයුතු කරමින් තිබුණද ඒ තනතුර දරන්නට ඇවැසි අධ්‍යාපන සුදුසුකම් ඔහු සතුව නැති බවත් ඒ නතුතරු සදා අපොස සා/පෙල විභාගය ගණිතයට සම්මානයක්ද සමගින් සමත්ව වි තිබිය යුතු විය.
එහෙත් ඔහු මේ සදහා ඉදිරිපත් කර තිබුනේ කුට ලෙස සකස අදාල අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති බව දක්වන සහතිකයක් බව පසුව දැනගන්නට ලැබුණි.
ඒ බව  අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ද සනාථ කොට තිබුණි.
රාජ්‍ය සේවය තුල කූට ලේඛන සැකසිම බරපතල වරදකි.
එහෙත් මීගමුව මහනගර සභාවේ ඉහල නිළධාරින්ට ඒවා අති සරල කරුණුය.
සුසාන භූමියේ තනතුරෙන් ඉවත් කෙරුණ සේවකයා පසුව නගර සභාවේ ව්‍යාපෘති කම්කරුවෙකු ලෙස පසුව බදවාගෙන තිබුණි.
එහෙත් ඔහු එකි අදාල ව්‍යපෘතින් වලට දායක වනවා වෙනුවට නගර සභාව තුල දේශපාලකයන්ට ආවතේව කම් කරමින් කටයුතු කර තිබුණි.
ඉන් අනතුරුන සිදුවන්නේ තවත් අපුරු සිදුවිමකි.එනම් නගර සභාවේ කම්කරු පත්විම් 5 ක් පුරප්පාඩු වි තිබියදි ඉන් එකක් සදහා නැවතත් අදාල සේවකයාව බදවා ගණි. ඒ අදාල සම්මුඛ පරික්ෂණ වත් නොතියාමය.
එසේ බදවා ගැණුන කම්කරුවා යළිත් සුසාන භුමියේ භාරකරුවා ලෙසින් දැන් වැඩභාර දි තිබේ.
මේ සියල්ල සිදුවන්නේ සුසාන භුමියේ භාරකරු ලෙසින් වන නතතුරු ගැනිම සදහා කූට ලෙස සැකසු අධ්‍යාපන සුදුසුකම් සහිත ලිපිගොනුව තවමත් නගර සභාවේ තිබියදිමය.
මේ සියල්ල සිදුකරනු ලැබ ඇත්තේ යැයි ඇගිල්ල දිගුවි තිබුනේ නියෝජ්‍ය කොමසාරිස්තුමිය වෙතය.
ඉරපැන කූට ලේඛණ පවා සකසා රජයට බොරු කළ සේවකයෙකු ගැන මේ තරම් සානුකම්පිතවිම හා බැදි ඇති ඇත්ත හේතුව ගැනද දැන් විවිධ කථා නගර සභාවේ කොරිඩෝ අතරේ කථාවෙන්නටද පටන්ගෙන තිබේ.
මීගමුව මහනගර සභාව යනු දැන් කූට ලේඛණ කප්පිතන්ගේ රජදහනකි.ඒ සියල්ල සිදුවන්නේ නාගරික කොමසාරිස්වරයාගේ සහා නියෝජ්‍ය කොමසාරිස්වරියගේ පූර්ණ ආශිර්වාදය ද යටතේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article