spot_img
spot_img
Sunday, June 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොච්චිකඩේදි අහුවුන අලගෙඩි අස්සේ හංගපු කුඩු කාගේද ?

Must read

image_7f8b30f5d9image_435540c262

මැතිවරණයක් ඇත්තේ මුවවිටේය. ඒ අස්සේ දැන් කුඩුත් අහුවෙන්නට පටන් ගෙනය. ඒ නිකම්ම නොවේ  අලගෙඩි අස්සේ හැංගු කුඩුය.

පාකිස්ථානයේ සිට මෙරටට එවා තිබූ අල කන්ටේනරයක කෘතීම අල ගෙඩි අතර සඟවා තිබූ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කරන ලද වැටලීමකදී  ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව මෙම කන්ටේනර් රථය කොච්චිකඩේ ප්‍රදේශයේ මහජන ක්‍රීඩාංගනයට රැගෙන සිදුකළ පරීක්ෂාවේදී එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර පාකිස්ථානයේ සිට පැමිණි මෙම කන්ටේනරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර මෙම කන්ටේනරය රේගුව විසින් මුදා හැරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් කන්ටේනරය පසුපස හඹා ගොස් කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව උසස් පොලිස් නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබේ.

කන්ටේනරය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී එහි තිබූ අලගෙඩි අතර ව්‍යාජව සකස් කළ අලගෙඩි ද තිබී ඇති අතර එම අලගෙඩි අතර හෙරොයින් තොගය තිබූ බවද එම උසස් පොලිස් නිලධාරියා කීය..මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන ජාවාරම්කරු ලෙස කටයුතු කළ පාකිස්ථාන ජාතිකයා  ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මැතිවරණයක් යනු දැවැන්ත මුල්‍ය ආයෝජනයකි. ඒ වෙනුවෙන් අතදිගහැර වැය කරන්නට දේශපාලකයන්ට මුදල් අවැසිය.
මේ පසුබිම යටතේ මේ කුඩු තොගයේ සැබැ අයිතිකරුවන් අතර දේශපාලකයන්ද සිටින්නට පුලුවන.
මන්ද මේ දිනවල වැඩියෙන්ම මුදල් අවැසි ඇත්තේ ඔවුනට බැවිනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article