spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොච්චිකඩේ තෝප්පුව ඇල කාගේද ,????

Must read

 

මීගමුව සහ කටාන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම සලකුණ කරනු ලබන කොච්චිකඩේ නගරය සමිපයෙන් මා ඔයට ජලය බැස යන ස්වාභාවික ජල මාර්ගයක් තියෙනවා ඒකට කියන්නේ . දෙපා ඇල කියලා.

අඩි 20 ක් පමණ පළල  මේ ඇලේ  ස්වාභාවික පිහිටිම වෙනස් කරලා  2012 ඔක්තෝබර් 10 වනදා එනම් පළාත් පාලන මැතිවරණය තිබ්බ දවසේ අළුත් ඇල මාර්ගයක් කපන්න කොච්චිකඩේ ප්‍රදේශයේ කැලුම් නම් ව්‍යාපාරිකයෙකු කටයුතු කරනවා.

මා ඹයට ඇදෙන මේ ඇල එක්තරා තැනකදි දකුණ දෙසට වු වංගුවක හැඩයක් අරගෙන තමයි  මා ඔය කරා ගමන් කරන්නේ

මේ වංගුව සහිත කොටසේ මායිම පිහිටා තියෙන්නේ  මේ කැලුම් නම් ව්‍යාපාරිකයාගේ ඉඩමටයි.ඒක අයිති වෙන්නේ කටාන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයට.

කැලුම් මෙතනදි දෙන්නේ මාර ගේමක් . මොකද එයාට ඕන වෙනව මේ ඇලේ වංගුව කෙලින් කරල  ඒ කැල්ලත් එයාගේ ඉඩමට ඈදගන්න.

මේ හින්ද මීගමුවේ ප්‍රාදේශිය ලේකම් කොට්ටාශය පැත්තෙන් තවත් ඉඩ අරන් තමයි මේ කෘතිම ඇල කපන්නේ.මේ ක ඇත්තටම බරපතල නිති විරෝධි කටයුත්තක් .නමුත් කටාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉන්න ලොක්කන්ගේ ඉදල බක්කෝ දක්වාම මේ ගැන කිසිම දෙයක් කියන්නේ නැ.දේපා ඇලේ කටාන පැත්තේ ග්‍රාම නිළධාරියාට මේව ගැන වගේ වගක් නැ මිනිහට ගිනිකන වැටිල තියෙන්නේ.

කොන්ද කෙලින් තියාගෙන විනයගරුක නිලධාරින් හැටියට කටයුතු කරන්නේ මේ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරි තුමියයි මීගමුව ප්‍රාදේශිය ලේකම් තුමයි කොච්චිකඩේ පොලිසියට එන අලුත් ප්‍රධානියයි තමයි.

කොහොම හරි මේ ප්‍රශ්ණෙ අධිකරණයට යනවා . ගමේ සෙනග බලන්නේ ඉන්නේ ඇලක් විනාශ කරපු කැලුම් ගගේ යයි කියල.

අන්තිමේදි කැලුම් ගොඩ .  ඇල වහල ගොඩකරත්තු ඉඩම් කැල්ලේ ගොඩනැගිල්ලක් හදල ලොකු උත්සවයක් තියෙන දාට බලාගන්න පුලුවන් ඇලවහන්න උදව් කරපු උන් හරියටම කව්ද කියල…..

කොරියාවේ සිට ලියමි. ( කොරියාව යැයි කියන්නේ තෝප්පුව ඇලේ වම් ඉවුරට යාබදව පිහිටා ඇති ගමටය.)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article