spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනාවෙන් වරාය අඩපණයි : කන බොන දේත් සිමා වන ලකුණු!

Must read

news-2020.11.15email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
( 7.00 pm ) ඉදිරි දින කිහිපය ඇතුළත අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගයක් ඇතිවිමට ඉඩකඩ ඇති බව වෙළෙදපොළ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘මව්රට’ පුවත්පත අනාවරණය කරයි.
කොරෝනා වයිරසය හේතුවෙන් කොළඹ වරායේ මතුව ඇති සේවක හිගය හේතුකොටගෙන කොළඹ වරායට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන පැමිණි නෞකා විශාල ප්‍රමාණයකින් එම බඩු බාගත නොහැකිවීම ඊට හේතු වී ඇතැයි ද එම පුවත්පත  පෙන්වා දී ඇත.
ඒ හේතුවෙන් අදාළ නෞකා ආසන්නතම වරායන් වෙත ගොස් ඇති බව දැනගන්නට තිබෙන බවත් ඒ අනුව එම භාණ්ඩ නැවත ලංකාවට රැගෙන ඒම සදහා අමතර වියදමක් සහ අමතර කාලයක් වැය වනු ඇති බවද  බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

 කොළඹ වරායට දැඩි බලපෑම්…

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ පොකුරෙන් ඇරඹී බස්නාහිර පළාත ඇතුළුව රට පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මේවනවිට කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති ‘ඉරිදා දිවයින’ පුවත්පත ද වාර්තා කරයි.
 මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විශ්‍රාමික වරාය සේවකයන්ගේ සහ සුදුසුකම් ඇති වෙනත් පාර්ශ්ව වෙතින් ද සේවා ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක පැවසීය.
වරාය සේවකයන්ට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් විශාල සේවකයන් පිරිසක් නිරෝධායනයට යොමු කර තිබීම සහ වසංගත තත්ත්වයේ වැඩිම බලපෑම ඇති කොළඹ, ගම්පහ දිස්ත්‍රීක්කයන්හි සේවකයන් වැඩි වශයෙන් වාසය කිරීම ද මෙම තත්ත්වයට හේතු වී තිබෙන බව ද ජෙනරාල් දයා රත්නායක සඳහන් කළේය.
 මේ වන විට වරාය මෙහෙයුම් කටයුතුවල දී ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙන ග‍්‍රැන්ටි දොඹකර ක්‍රියාකරුවන් කිහිපදෙනකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඒ හේතුවෙන් ඊයේ වන විට කොළඹ වරායට පැමිණි නෞකා 15ක් පමණ දින දෙක තුනක සිට වරායෙන් පිටත නැංගුරම්ලා තිබේ.
 වරාය වාප්පු ලිපිකරුවන්ගෙන් සියයට 80ක් පමණ දෙනා කොළඹ, ගම්පහ පදිංචිකරුවන් වන අතර වරාය සේවක නිල නිවාස 600ක් පමණ මෝදර මට්ටක්කුලිය ප්‍රදේශ වැනි අධි අවධානම් කලාප තුළ පිහිටා තිබීම හේතුවෙන් එම සේවකයන් රාජකාරියට කැඳවීමේ අභියෝගයකට ද මේ වන විට වරාය බලධාරීන් මුහුණ දී ඇත.

24 පැය පුරා ක්‍රියාත්මක කාර්ය සාධක බළකායක්:

 පවතින තත්ත්වය තුළ වරාය මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් පෙරේදා වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡුාවක් ද පවත්වා ඇත.
 එම සාකච්ඡුාවේදී පැය 24 පුරා ක්‍රියාත්මක කාර්ය සාධක බළකායක් පිහිටුවීම, සේවක දිරි දීමනාවක් ලබා දීම, සේවා මුරවල යෙදෙන සේවකයන්ට ආහාර පාන සහ නේවාසික පහසුකම් වරාය පරිශ්‍රය තුළම ලබාදීම ඇතුළු තීරණ කිහිපයක් ගෙන තිබේ.
 පවතින තත්ත්වය තුළ වරාය කටයුතු අකර්මණ්‍ය වනු දැකීම ඇතැම් විරුද්ධ දේශපාලන මතධාරී පාර්ශ්ව සහ වෘත්තීය සමිතිවල අපේක්‍ෂාව වුවත් කුමන ආකාරයේ බාධක සහ අභියෝග පැමිණිය ද කොළඹ වරාය කටයුතු අඛණ්ඩව කරගෙන යන බව වරාය සභාපති, ජෙනරාල් දයා රත්නායක වැඩිදුරටත් පැවසීය.

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article