spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”කොරෝනා ආසාදනයෙන් මියයන කතෝලිකයින් පුච්චන්න එපා” – ඖෂල හේරත් ගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් !

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
යම් කතෝලිකයකු මියගිය පසු භූමදානය කිරීම කතෝලිකයින්ගේ ඇදහිල්ලට අනුව පිළිගත් සම්ප්‍රදාය බැවින්, කොරෝනා ආසාදනයෙන් මියයන කතෝලිකයින් ආදාහනය කිරීම ඔවුන්ගේ මුලික මිනිස් අයිතීන් උල්ලංඝනය
කිරීමක් බව සඳහන් කරමින් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඖෂල හේරත් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාවේ දැනට පවතින නිරෝධායන පනත මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මඟින් ද කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය සහ භූමදානය යන ක්‍රමවේද දෙකටම අවසර ලබාදී ඇති බව සිය මුලික අයිතිවාසිකම් පෙත්සම මගින් පෙන්වා දී ඇති ඖෂල හේරත්, එහෙත් රජය විසින් භූමදානය කිරීමට අනුමැතිය ලබා නොදීම බලවත් වරදක් බව කියා සිටියි.
මේවනවිට රටවල් 180කට වඩා කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයින් භූමදාන කිරීමට අනුමැතිය දී ඇතැයි ද ඔහු සිය පෙත්සම මගින් පැහැදිලිකර දී ඇත.
නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය විශේෂඥ ජනරාල් පබා පලිහවඩන මියගිය කොරෝනා ආසදිතයින්ගේ අවසන් කටයුතු සිදුකල යුතු ආකාරය පැහැදිලි කර ඇති ආකාරය ද පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

 Cemeteries IMG 2061
”කිතුනු භූමදානය සභාව තරම්ම පැරණි ය. සභාව එහි මුල් කාලයේ සිටම උගන්වා ඇත්තේ ඇදහිලිවන්තයන්ගේ ශරීර පූජනීය බවයි… මිනිස් සිරුරු දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් හා සමානත්වයෙන් මවා තිබීම , ශුද්ධාත්මයාණන්ගේ මන්දීරයන් වීම සහ ශාරීරික උත්ථාන ය කතෝලිකයන් විශ්වාස කරන නිසා මිනිස් මෘත දේහයන්ට කතෝලිකයන් ගරු කරති. කතෝලික සුසාන භූමි මිනිස් දේහවල අභිමානය හා අලංකාරය පිළිබිඹු කරති.”
විශේෂඥ කමිටුවක් පත් කරන්න -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 
 කොරෝනා ආසාදනයෙන් මියයන ඉස්ලාම් ජාතිකයින් ආදාහනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ ආන්දෝලනයට ලක්ව ඇති සමාජීය ප්‍රශ්නය පිළිබඳව සංවේදී වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අප්‍රේල් 03දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින්, කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය තීරණය කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා සිටියේය.
තම සංගමයේ සාමාජිකයින් විසින් මේ පිළිබඳ අවධානය යොමුකර ඇති බව ලිපියක් මඟින් දැනුම් දෙන ඔවුන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ දැනට පවතින නිරෝධායන පනත මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මඟින් ද ආදාහනය සහ භූමදානය යන ක්‍රමවේද දෙකටම අවසර ලබාදී ඇති බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය, වෛරස් අධ්‍යන විද්‍යාව, අධිකරණ වෛද්‍ය විද්‍යාව, නීතිය සහ පාංශු විශ්ලේෂණය සම්බන්ධ විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත්කර ඔවුන්ගෙන් උපදෙස් ලබාගන්නා ලෙස තමන් යෝජනා කරන බව එම සංගමය සඳහන් කරයි.

image 89b29c1182

 ‘පාංශුකූල නෑ-දේවාශිර්වාද නෑ-භූමදානත් නෑ” – අනිල් ජාසිංහ 
 
කෙසේවුවද අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පසුගියදා පැවති පක්ෂ නායක හමුවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ, පවතින විශේෂ තත්වය තුළ සියළු කාරණා සැලකීමේදී කිසිදු ආගමකට හෝ කිසිදු ජාතියකට විශේෂ අවස්ථාවක් ලබාදිය නොහැකි බවයි. ‍
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරැ ඉස්ලාම් ආගමානුකූලව හා කොරෝනා පැතිරයාම වැලැක්වීමට ගතහැකි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් භූමදානය කිරීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී  ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක හිටපු ඇමති රවුෆ් හකීම් විසින් එහිදී කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු එබව සඳහන් කළේය.
අවසන් වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ, තමන් උපදෙස් ගන්නේ නිලධාරීන්ගෙන් බවත් ඔවුන් මෙම වසංගත විෂය සම්බන්ධයෙන් ප්‍රවීණයන් නිසා තමන් ඔවුනට ඉහළින් කටයුතු නොකරන බවත් ඔවුන්ගේ තීරණය අවසන් තීරණය ලෙස තමන්ද සලකන බවත්ය.
වීඩියෝ

”කොරෝනා මෘතදේහයන් ත්‍රස්තවාදීන් අතට ගියොත් භයානකයි” – වෛද්‍ය චන්න පෙරේරා BBC යට කියයි
කෙසේවුවද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශන අධිකරණ වෛද්‍ය (consultant forensic pathologist) සහ මළ සිරුරු කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍ය චන්න පෙරේරා පවසන්නේ, කොරෝනා මෘතදේහයන් ත්‍රස්තවාදීන් විසින් ජීව විද්‍යාත්ම අවියක් ලෙස භාවිතා කළ හැකි බවයි.
ඔහු එබව සඳහන් කර සිටියේ,  BBC ලෝක සේවය (BBC WORLD SERVICE) ඔස්සේ පසුගිය අප්‍රේල් 15දා  විකාශය වූ ලෝකප්‍රකට නිවුසඅවර් (Newshour) වැඩසටහනට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමිනි.
එහිදී ඔහු කියා සිටියේ කොරෝනා මෘතදේහයන් ආදාහනය කිරීමට රජය පියවර ගනු ලැබුවේ, වෛරසය අනවසර කටයුතු සඳහා භාවිතා කළ හැකිද යන්න පිළිබඳව තරමක බියක් ඇති නිසා බවය.
”සමහර විට අනවශ්‍ය පුද්ගලයෙකුට එවැනි දේහයක් ලබා ගැනීමට ඉඩ ඇති අතර එය ජීව විද්‍යාත්මක ආයුධයක් ලෙස භාවිතා කළ හැකි බව” ඔහු ප්‍රකාශ කර සිටියේය.
ඖෂල හේරත් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉරිදිපත් කර ඇති පෙත්සම

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article