spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කිරිම සදහා මීගමුව රෝහලට දැඩි සත්කාර ඒකකයක් !

Must read

NGB hospitalමීගමුව රෝහල් කාර්ය මණ්ඩලය සිය අප්‍රතිහත ධෛර්ය තුල ඇති සිමිත සම්පත් නිසි පරිදි කළමණාකරණය කරගනිමින්  කොරෝනාදැයි සැක සහිත රෝගින් හට ප්‍රතිකාර කිරිමට ඇති ඉඩකඩවල් පුළුල් කරගනිමින් සිටිති.
දැනටමත් වාට්ටු 2 ක් ස්ථාපිත කර තිබෙන අතර ඒවායේ 20 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ගැනිමේ පහසුකමක් ඇත.මෙයට අමතරව රෝහලේ 8 වන මහලේ තවත් වාට්ටුවක් මේ වෙනුවෙන් සැකසෙමින් තිබෙන බව වාර්ථා වේ.
මේ අතර සුපුවත් අරණේ ඩැරල් පියතුමන් විසින් මිට කලකට ඉහතකදි මිගමුව රෝහලට ලබා දි තිබුණ දැඩි සත්කාර ඒකකය මෙතෙක් නිසි භාවිතයකට නොගෙන තිබුන අතර එය ඩෙංගු නිරික්ෂණ ඒකකයක් ලෙසින් පමණක් ක්‍රියාත්මකව තිබුණි.
දැඩි සත්කාර ඒකකයකට ඇවැසි ඇදන්ද සමගින් ස්ථාපිත කර තිබුණ ඒකි ඒකකය පළමු වරට දැන් දැඩි සත්කාර ඒකකයක් ලෙසින්ම කොරෝනාදැයි සැක සහිත රෝගින් වෙනුවෙන් කඩිනමින් ස්ථාපිත විමට නියමිත අතර එය සැබැවින්ම පවතින තත්වය හමුවේ අතිශය වැදගත් පහසුකමක් වනු නියතය.
ඒ පහසුකමට දායකත්වය සැපයු ඩැරල් පියතුමන්ගේ ප්‍රධාන අරමුණව තිබුණ දැඩි සත්කාර ඒකකයක් පිළිබදව සංකල්පය මේ අනුව පළමු වරට මිගමුව රෝහල තුල දැන් ක්‍රියාත්මක විමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article