කොරෝනා වලින් සුවය ලැබු ගණන 10,000 ඉක්මවයි ! අදත් 646 සුවය ලබා පිටව යති!

0
34

coronaකොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 646 දෙනෙකු සුවය ලබා අද (11) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 10,183 කි.
ආසාදිතයෝ 4491 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 14,715 ක් වන අතර, 44 දෙනෙකු මිය ගොසිනි.
මේ අතර පොලිසිය , හිරගෙදර මුල්කොට ගෙන කොරෝනා පොකුරු නිර්මාණය විමේ අවදානමක් දැන් රට තුල මතුව තිබේ