spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොරෝනා 3වැනි මට්ටමේ අවදානම සඳුදායින් පසුවයි!

Must read

corona

එළැඹෙන සඳුදා (09) ඇඳිරි නීතිය ඉවත් කළ Covid-19 ව්‍යාප්තියේ තුන්වැනි අවදානම් මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇති බැවින් ක්ෂේත්‍ර 55ක් අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත.

හෙද, ප්‍රවාහනය, කුලී රථ සේවය, උපයෝගිතා සේවා, රජයේ කාර්යාල, පෞද්ගලික සේවා, සුපිරි වෙළෙඳසල්, සාප්පු සංකීර්ණ, මූල්‍ය ආයතන හා බැංකු, රෙදිපිළි වෙළෙඳසල්, කෘෂිකර්මාන්තය, ආර්ථික මධ්‍යස්ථාන, බේකරි, වීදි වෙළෙන්දන්, ජංගම වෙළෙන්දන්, ඇතුළු ක්ෂේත්‍ර 55ක් සඳහා මෙම මාර්ගෝපදේශ නිකුත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මීටර් එක හමාරක දුරකින් එකිනෙකා ගමන් කළ හැකි ආකාරයෙන් සුපිරි වෙළෙඳසල් සහ සාප්පු සංකීර්ණ විවෘත කර තැබීමට අමාත්‍යාංශය අවසර ලබා දී ඇත.

ඉදිකිරීම් ස්ථාන, පාසල්, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, උපකාරක පන්ති, ගෘහස්ථ උත්සව, එළිමහන් උත්සව, මහජන රැස්වීම්, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යානය, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද, පිහිනුම් තටාක, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ස්පා, නවාතැන් සපයන ස්ථාන තවදුරටත් වසා තැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් පළමු රැල්ල ආරම්භයේ දීද සෞඛ්‍ය මාර්ගෝපදේශන නිකුත් කළ අතර එම අවස්ථාව වන විට අවදානම් මට්ටම පළමු හා දෙවැනි අදියරවල පැවතුණි.
srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article