spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොවිඩ් නීති කැඩුවයි යාපනයේ 5ක් දවස් 7කට රිමාන්ඩ්! ෂැං ග්‍රිල්ලා හා පොලිස් පාටි දැමූ අය නිදහස්

Must read

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ නීතිය නොව අවනීතිය බවත් ලොකු ලොක්කන් හමුවේ නීතිය බලුවන බවත් පෙන්වන උදාහරණයක් යාපනයෙන් වාර්තා වෙයි. යාපනයේ නල්ලූර්හි වසාදමා ඇති අරසඩි පෙදෙසින් පිටතට පැමිණයයි පුද්ගලයින් පසු දෙනෙකු ඊයේ එනම් මැයි 31වනදා දින හතකට රිමාන්ඩ් කරන ලදී.  

Rajapaksha law

  මේ අතර කුරුණෑගල පොලීසිය තුළ සෙත් පිරිත් සංජායනාවක් පැවැත්වෙත්දී කුරුනෑගල නගරාධිපති වෙනුවෙන් උපන්දින සාදයක් පැවැත් වූ කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැත. එම සාදයේදී පොලිස් නිලධාරියකු ඇතුලු දේශපාලනඥයාගේ පිරිස මුහුණු ආවරණ රහිතවය.   එම නගරාධිපතිවරයාගෙන් පොලීසිය අඩුම වශයෙන් ප්‍රශ්ණ කරන ලද්දේවත් නැත.  

Rajapaksha law4

    එමෙන්ම කොවිඩ් නීති කෙළෙසමින් තරු හතේ ෂංග්‍රිල්ලා හෝටලයේ සාදයක් පැවැත්වූ නිරෑපන ශිල්පියෙකු සහ ශිල්පිනියක ද ඇප පිට නිදහස් කරන ලද අතර ඊට සහභාගි සල්ලක්කාර විසිදෙනෙකුට විරුද්ධව කිසිදු පියවරක් ගෙනද නැත.   කොවිඩ් නීතිය බලපවත්වන්නේ සාමාන්‍ය ජනතාවට පමණක් බවත් දේශපාලන පංතියට සහ සල්ලිකාරයිනට ඒවා බල නොපවත්නා බවත් මෙමගින් යළිත් තහවුරු වී තීබේ.   මේ අතර කොවිඩ් නීති කැඩු බවට සාමන්‍ය ජනයා සිය ගණනින් අත්අඩංවට ගැනීම පොලීසිය දිගටම කරගෙන යයි.  


theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article