spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොළඹ අධි ආරක්ෂක කලාප විරෝධතාකරුවන් මර්දනයට බව හෙළි වේ  

Must read

wechat sharing buttonpinterest sharing button

messenger sharing button

Image : Ishara S Kodikara/AFP

ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසින් මානව හිමිකම් අධීක්ෂණය සඳහා ආණ්ඩුව විසින් පිහිටුවා ඇති ආයතනය විසින් හෙලා දකිනු ලැබූ කොළඹ දිස්ත්‍රික්කයේ අධි ආරක්ෂක කලාප

පිහිටුවීමේ අරමුණ වී ඇත්තේ ආණ්ඩු විරෝධීන් මර්දනය බව රටේ ආරක්ෂාව බාර ඉහළම නිලධාරියකුගේ ප්‍රකාශයක් මගින් තහවුරු වී තිබේ.

“රාජ්‍ය රහස් පනත යටතේ අධි ආරක්ෂක කලාප පිහිටුවිය හැකිය යන මතය කිසිදු යුක්ති සහගත භාවයක් නැති මිත්‍යාවක්,” යයි මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රාජ්‍ය රහස් පනතේ දෙවැනි වගන්තිය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රික්කයේ කලාප අටක් අධි ආරක්ෂක කලාප ලෙස සැප්තැම්බර් 23 දා ප්‍රකාශයට පත් කර තිබුනි.

එය ජනතාවගේ මූලික මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා දෙන මානව හිමිකම් කොමිසම අදාළ ගැසට් නිවේදනය අහෝසි ලෙස රජයට නිර්දේශ කරමින් රටේ නීති ජාත්‍යන්තර හා දේශීය නියමයන්ට අනුකූලව යොදා ගන්නා ලෙස ඉල්ලා සිටී.

දැඩි ආරක්ෂිත කලාප ශ්‍රී ලංකාවට අලුතින් හදුන්වා දුන් දෙයක් නොවන බව පවසන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එය හඳුන්වන්නේ “තත්වයන්” පාලනය කිරීම සදහා යොදා ගන්නා ක්‍රමයක් බවයි.

 

යුද සමයේ සිට අද දක්වාත් අධි ආරක්ෂක කලාප ලෙස හමුදා පාලනය යටතේ පවතින  උතුරු නැගෙනහිර විශාල භූමි ප්‍රදේශයක් නිදහස් කරගැනීම පිණිස දෙමළ ජනතාව වසර ගණනාවක් තිස්සේ අරගල කරමින් සිටිති.

 

” මේ දැඩි ආරක්ෂිත කලාප කියන ඒවා අද ඊයේ ලංකාවට හදුන්වලා දිපු දේවල් නෙමෙයි. මේක බොහෝම කාලයක් තිස්සේ ඉදන් යම් කිසි ආකාරයක මොනම විදිහකින්, මොනම ස්වරූපයකින් හරි එන තත්වයන් කොටසක් පාලනය කිරීම සදහා යොදා ගත්ත දේවල්,” යයි සැප්තැම්බර් 26 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

“මොනම ස්වරූපයකින් හරි එන තත්වයන්” මොනවාදැයි හිටපු හමුදා නිලධාරියා පැහැදිලි නොකළ නමුත්, රට තුළ ‘ස්ථාවර තත්ත්වයක්’ නිර්මාණය වෙමින් තිබියදී, විරෝධතා පවත්වමින් ‘ජනතාවට හිරිහැර’ කරන්නේ නම් ඒ සඳහා පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන බව  එහිදී අවධාරණය කර තිබුනි.

ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වැඩි දුරටත් මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ  ‘ගෝටා ගෝ ගම’ අරගලකරුවන්  ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත්කර ගැනීම නිසා සිදු වු දුෂ්කරතා නැවත ඇති නොවීම සඳහා එම ස්ථාන ආරක්ෂා කරගත යුතු බවයි.

පිටරට ඇස

oiytg

Image : Chamila Karunarathne/EPA

 

ආර්ථික අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවේ අගනුවරට පැමිණෙන විදේශිකයන්ගේ නෙත පිනවීමද ආණ්ඩුවේ අරමුණක් වී තිබේ.

විදේශ දූත මණ්ඩල කොළඹට ආ විගස ‘අරාජික කලබලකාරී තත්වයක්’ ඇස ගැටීම වැලැක්වීම සඳහා “මහා විශාල කොළඹ නගරය තුළ ඉතාමත්ම සුළු ස්ථාන කිහිපයක්” ගැසට් නිවේදනයක් මගින් අධි ආරක්ෂිත කළාප විදිහට නම් කරන ලද බව ජෙනරාල් ගුණරත්න පවසයි.

“විදේශ වලින් දුත කණ්ඩායම් ආපුවාම ඒ වගේම විදේශ නායකයන් ආපුවාම එහෙම නැත්තං විදේශ තානාපතිවරුන් සමග බොහෝ වෙලාවට ජනාධිපතිවරයා සාකච්ඡා කරේ රට ගැන, රටේ ප්‍රතිපත්ති ගැන, රටේ ආර්ථිකය ගැන, රටේ ආරක්ෂාව ගැන, ඒ දුත කණ්ඩායම් සමග තානාපතිවරුන් සමග සාකච්ඡා කරේ ස්ථානය ජනාධිපති මන්දිරය. ඉතින් එතනට ඒ අයට එන්න බැරිනම් ඒ වගේම කොළඹට ආපු ගමන් පේන්නේ බොහෝම අරාජික කලබලකාරී තත්වයක්නම් ඒ අය ඒ අයගේ සහාය අපේ රටේ යම් කිසි දියුණුවක් ලබා ගැනීමට යම්කිසි සහයෝගයක් ලබාදීමට විශාල බාධකයක් වෙනවා.”

අධි ආරක්ෂිත කළාප පිහිටුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න කරන පැහැදිලි කිරීම පහත වීඩියෝවෙන්.


theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article