spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගම්පහත් PHI පිරිසක් නිරෝධායනයට

Must read

( 2.30 pm ) ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි වාර්තා වේ.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සේවය කරමින් සිටි ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සිය දෙවන PCR පරීක්ෂණයේ දී කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමත් සමග ඔහු සමග සේවය කළ පිරිසක් මෙලෙස නිරෝධායනය සඳහා යොමු කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 05 දෙනෙක් ඔහුගේ පළමු ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිරෝධායනය සඳහා යොමුකර ඇතැයිද ඒ වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.

එම ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සමග සේවය කළ තවත් ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 21 දෙනෙක්ද මේ වනවිට වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටිති.

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 16හි සේවය කිරීම සඳහා කළුතර පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 50 දෙනෙක් අනුයුක්ත කර තිබුණි.

ඔවුන්ගෙන් 28 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිරෝධායනයට යොමු කර ඇති අතර අනෙක් ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 22 දෙනා කළුතර පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහනයට සාපේක්ෂව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හිගයක්ද පැවතිණි.

මීට පෙර කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරිසක් නිරෝධායනය සඳහා යොමු කර තිබූ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරිසකට කොවිඩ් ආසාදනය වීමේ ප්‍රවෘත්තිද වාර්තා වන ලදී.
lankatruth.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article