spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගම්පහ දිස්ත්‍රික්කයට රු 5000 සහනය යළිත්….

Must read

රු 5000ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ රැකියා,ආදායම් මාර්ග අහිමිව ගිය අය සඳහා රු 5000 දීමනාව ලබන අඟහරුවාදා සිට ලබාදිමට රජය කටයුතු කරන බව ඩේලි මිරර් කෙටි පුවත් සේවය මීට සුළු මොහොතකට පෙර වාර්තා කොට තිබුණි.
දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 19 ක් පුරාවට ඇඳිරි නීතිය ක්‍රියාත්මකය.
මේ ප්‍රදේශවල ජනතාවට සහන සැපයිමට විධිමත් වැඩපිළිවෙලක් නැතැයි ජාතික ජනබලවේගයේ් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවස්ථා කීපයකදිම අවධාරණය කර තිබුණි.පසුගිය කොරෝනා සමයේදි අතදිගහැර මහජන මුදල් පවා යොදාගනිමින් බඩු දෙමින් සංදර්ශන පැවැත්වු කිසිදු දේශපාලකයෙක් සහන සලසනවා තබා මේ ගැන මාධ්‍ය හමුවේ අදහස් ඉදිරිපත් කරනවා පවා දකින්නට ලැබුනේ නැත.
පසුගිය කාලය තුල නිදහස් වෙළද කලාපවල සේවය කළ මැන් පවර් සේවයකන් විසින් රු 5000 දිමනාව ඉල්ලා පාරටද බැස තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article