spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගම්පෙරළියේ සල්ලි දෙන්න කොමිස් ඉල්ලු කාවින්දගේ මන්ත්‍රි ගෝලයන්ට චෝදනා ?

Must read

Bribe-for-Passport-Police-Verificationගම්පෙරළිය යටතේ අඩුආදායම් ලාභි පවුල් වෙත ණය ආධාර පිරිනැමිම සදහා වන මිගමුව ආසනයේ ප්‍රතිපාදන මිගමුව ආසන සංවිධායක කාවින්ද ජයවර්ධනගේ  හිතවත් ගෝල මන්ත්‍රිවරුන්  පිරිසකගේ හිතුමතයට අනුව ක්‍රියාත්මක බවට ප්‍රදේශ ගණනාවකින්ම මේ වන විට චෝදනා එල්ල වන්නට පටන්ගෙනය.
මේ අතර අඩුආදායම් ලාභින් වෙත මේ මුදල් මුදාහැරිමේදි  ඉන් යම් කොමිස් මුදලක් ඉල්ලා සිටින නාගරික මන්ත්‍රිලාද සිටින බව දැන්  මිගමුව තුල ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.
බෝලවලාන ප්‍රදේශයේ  එජාප නාගරික මන්ත්‍රිවරයා මෙසේ රු 10000 ක කොමිස් මුදලක් ඉල්ලිම පිළිබදව සිය සැමියා පවා අහිමිව අසරණ තත්වයකට පත්ව සිටින කාන්තාවක විසින් මේ වන විටත් අදාල තැන් වලට පැමිණිලි කොට ඇතැයි වාර්ථා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article