spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගාල්ලේ රදගුරු හිමි ඇතුළු පියතුමන්ලා 8 කට කොරෝනා?

Must read

ගාල්ලේ රදගුරු හිමි රේමන්ඩ් වික්‍රමසිංහ සහ තවත් ගරු පියතුමන්ලා අට දෙනෙකු හට කොරෝනා ආසාදනය වි ඇතැයි ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
රදගුරුතුමා සහ ගරු පියවරුන් හික්කඩුවේ පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර තිබේ.

රදගුරු නිවසේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු හටද කොරෝනා වැළදි ඇතැයි වාර්තා වන අතර , රදගුරු තුමන් විසින් නිකුත් කරන ලද විශේෂ ප්‍රකාශයකින් තහවුරු වූයේ බිෂොප්ගේ නිවස ආසන දෙව්මැදුර සමඟ හුදෙකලා කර ඇති බවය.

. “මෙම වසංගතය අවසන් වන්නේ කවදාදැයි අපි නොදනිමු, නමුත් අපට එය සමඟ ජීවත් වීමට සිදුවනු ඇත,” එතුමන් සිය ප්‍රකාශයේ සඳහන් කර ඇත.
සෞඛ්‍ය සේවකයින්, ආරක්ෂක හමුදා නිලධාරීන්, ග්‍රාම නිලධාරි සහ මහ නගර සභාවට අනුබද්ධ සේවකයින් විසින් කරනු ලබන සේවය ප්‍රශංසනීයයි. 2021 ජුනි 17 සිට රදගුරු නිවස සහ ආසන දෙව්මැදුර හුදෙකලා භාවටය පත්කොට තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article