spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගීතාගේ මන්ත්‍රිධුරය අහෝසියි !

Must read

hqdefault

ද්විත්ව පුරවැසි භාවය හිමිව සිටි ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය නීති්‍යනුකුල නොවන බව අධිකරණය තීන්දු කරයි.
ඒ පිළිබද තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශයට පත් කළේය.
මීට පෙර ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයක් දැරිය නොහැකි බව අභියාචනාධිකරණය ද තීන්දු කර තිබුණි.
එය අභියෝගයට ලක් කරමින් කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු  කළාය.
මෙම නඩුවට සමාන ආකාරයේ නඩුවක තීන්දුව ඉකුත්දා ඔස්ට්‍රේලිවෙන්ද වාර්තා විය.
එහිදී ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැතිවරයා නවසීලන්තයේ ද පුරවැසියෙකු බැවින් ද්විත්ව පුරවැසි භාවය නිසා ඔහුට ධුරය අහිමි විය.
ඊයේ එරට සෙනෙට් සභාවේ ප්‍රධානියාටද මේ  නිසා ඉල්ලා අස්වීමට සිදුවිය.
ඔස්ට්‍රේලියානු නීතිය යටතේ එරට ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරිය නොහැකිය.  එරට මන්ත්‍රිවරුන් 5 දෙනෙකුට මෙම තත්ත්වයට මුහුණදීමට  සිදුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article