spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායකට , වාණිජ කටයුතු, විනෝදාස්වාද කටයුතු ඇතුළත් සංවර්ධන කලාපයක් !

Must read

 airport-bandaranaike

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට යාබද කොළඹ-මීගමුව මාර්ගයේ 18 වන සැතපුම් කණුව ආශ්‍රිත ප්‍රදේශය ප්‍රවාහන, ව්‍යාපාර හා වාණිජ කටයුතු, විවේක හා විනෝදාස්වාද කටයුතු ඇතුළත් වන පරිදි සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඒකාබද්ධ බස්රථ නැවතුම් පොළක් ස්ථාපනය කිරීම, දුම්රිය ස්ථානය වැඩිදියුණු කිරීම, කුලී රථ නැවතුම් පොළ, සංචාරක රථ ගාල, බැංකු සේවා, සිනමා ශාලා, අවන්හල්, විනෝදාස්වාද ජල තීර, සාප්පු සංකීර්ණ ආදී පහසුකම් ස්ථාපිත කිරීමට නියමිතය. ඒ අනුව, යෝජිත ‘බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ප්‍රවේශ ද්වාර ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article