spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලෝක සාමය මෙන්ම සදාචාර සම්පන්න මිනිසුන් බිහි කිරීමට බෞද්ධ දර්ශනයෙන් අපට මගපෙන්වනවා

Must read

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වන සමුව අමතමින් ජනාධිපති
ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  2017.11.02 වන දින අරලියගහ මන්දිරයේදී  කළ කතාව

ලෝක බෞද්ධ මහා සම්මේලනයේ හත්වන සමුළුවව ශ්‍රී ලංකාවේ පවත්වමින් අපේ රටට ලබාදෙන ගෞරවය පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. අපේ රට බෞද්ධ දර්ශනය වගේම බෞද්ධ සංස්කෘතිය පිළිබඳව දීර්ඝතම ඓතිහාසික පසුබිමක් සහිත ලෝකයේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ රටක්.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුළුමහත් ලෝකය පුරා ප්‍රචලිත වී වසර දෙදහස් හයසියයකට වැඩි ඉතිහාසය තුළ ලෝකයේ සාමය සඳහාත් සදාචාර සම්පන්න මිනිසුන් බිහි කිරීම සඳහාත් ලෝකයේ රාජ්‍ය පාලකයින්ට යහපත් රාජ්‍යයක ප්‍රතිපත්තිමය පදනමකින් රටක් පාලනය කිරීමට මගපෙන්වීම සඳහාත් ඉතා උතුම් වූ කරුණු රාශියක් බෞද්ධ දර්ශනයෙන් අපට ලැබී තිඛෙන බව අප කවුරුත් දන්නා වූ දෙයක්. Presidential-Media-Unit-Common-Banner
අපි ඉතිහාසයේ එක් එක් යුග තුළ බෞද්ධාගමික පරිසරය, බෞද්ධ දර්ශනය තුළින් ගොඩනැගුණු ප්‍රබුද්ධ සමාජය පිළිබඳව සතුටු වෙනවා. අදත් ලෝකය පුරා ප්‍රචලිතව පවතින්නේ බුදුන් වහන්සේ වසර 2600 කට පෙර දේශනා කළ ධර්මය යහපත් සමාජයකට මගපෙන්වන ඉතාමත් ශ්‍රේෂ්ඨ ගමන් මාර්ගයක් විදියටයි. අද භෞතික වශයෙන් ලෝකය විශාල දියුණුවක් ලබා තිඛෙනවා. තාක්ෂණික වශයෙන් ඉහළම දියුණුවක් ලෝකයේ තිඛෙනවා.තාක්ෂණික දියුණුව සහ භෞතික දියුණුව තුළ මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති නොවන නිසා සමාජය තුළ බොහෝ පිරිහීම් තිඛෙනවා.
ලෝකයේ රටවල්වල අභ්‍යන්තර යුද බිය, ඒවගේම ජාත්‍යන්තර වශයෙන් යුදමය තත්ත්වයන්, ජාත්‍යන්තර අසමගිකම්, ගැටුම් මේ සියල්ල වෙනස් කිරීමට ලෝක සාමය සඳහා තේමා කර ගත් මේ හත්වන ඓතිහාසික බෞද්ධ සමු`ථව ඉතාමත් වැදගත් පණිවුඩයක් ලෝකයට දෙන බව අප සෑමකෙනෙක්ම දන්නා වූ කාරණයක්. අද මිනිසුන්ගේ දියුණුව පිළිබඳව අපි කොතෙක් කතා කළත් මිනිසුන්ගේ ආධ්‍යාත්මික පිරිහීම, සමාජයේ ඇතිවන නොසන්සුන්තාවයන්, ගැටුම් විවිධාකාරයේ අර්බුද මේ සියල්ල සඳහා බෞද්ධ දර්ශනයෙන් පැහැදිලි විසඳුම් ලබා දෙනවා. අද විද්‍යාඥයින් නවතම පර්යේෂණ තුළින් සොයාගන්නා වූ බොහෝ දේ ගෞතම බුදුපියාණන් වහන්සේ මීට වසර 2600 කට පෙර දේශනා කර තිඛෙන බව අපි කවුරුත් දන්නවා.
අද මුළු ලෝකය පුරා පවතින කාලගුණික, දේශගුණික විපර්යාස, ගෝලීය උණුසුම සමග ඇති වී තිඛෙන ස්වභාවධර්මයාගේ වෙනස්කම් ඒ තුළ මිනිසුන්ට මෙන්ම සියලූ සත්ත්වයාටත්, ගහ කොළ, ඇළ දොළ ස්වාභාවික සම්පත්වලටත් අත්විඳින්නට සිදුවී ඇති බරපතළ හිරිහැර, තර්ජන, ව්‍යසනයන් පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කර තිඛෙන්නේ මීට වසර 2600 කට පෙරයි. ලෝකය විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් කොතෙක් දියුණුව ලැබුවත් බුදුන් වහන්සේ දේශනා කළ බොහෝ දේවල් තවමත් ලෝකයට පැහැදිලි කිරීමට, හඳුන්වාදීමට තාක්ෂණික දැනුමට පු`ථවන්කමක් ශක්තියක් ලැබිලා නැහැ.
අද ලෝක සාමයට තර්ජනයක් වී ඇති බොහෝ ගැටලූ, බොහෝ ප්‍රශ්න විසඳීමට බෞද්ධ දර්ශනය තුළ විසඳුම් තිඛෙන බව අප කවුරුත් දන්නා වූ දෙයක්. ප්‍රධාන වශයෙන්ම ලෝක බෞද්ධ සමුළුව විදියට මේ ආකාරයෙන් හත් වන වරටත් රැස්වන අවස්ථාවේ මේ ලෝක බෞද්ධ සමුළුවේ නායකත්වය ගන්න ගෞරවනීය මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ප්‍රමුඛ වන්දනීය පූජනීය මහා සංඝරත්නය අප දන්නා පරිදි ලෝක සාමය ඇති කිරීම සඳහා ගැටුම් පවතින රාජ්‍යයන්හි ප්‍රදේශවල ඊට සම්බන්ධවී සිටින පාර්ශ්ව හමුවීම, සාකච්ඡා කිරීම ඉතා වැදගත්. ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි ආගමික දර්ශනයන් තුළ පෙන්වන සාමකාමී සමාජය ද බෞද්ධ දර්ශනය තුළ උතුම්ව පෙන්වන සාමකාමී සමාජය ද ලෝකය තුළ අද තිඛෙන යුද ගැටුම්, විවිධ අර්බුද, මිනිසුන්ගේ තිඛෙන නොසන්සුන්තාවයන් සන්සුන් කර සාමය ඇති කරන්නට ඉතාමත් වැදගත් වන බව අප කවුරුත් දන්නවා. ඒ නිසා මේ බෞද්ධ සමුළුව තුළින් දෙන පණිවුඩය කාලානුරූපීව යුගයේ අවශ්‍යතාවය තුළ ඉතාමත් වැදගත්කමක් දරනු ලබනවා.
අපේ රට තුළ බෞද්ධ සමාජයක තිඛෙන පරිසරයත් ඒවගේම අපේ රටේ හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සමාජය තුළින් ලැඛෙන ඒ පරිසරයත් සමග සාමකාමී ජාතියක් ලෙස ඉදිරියට යන්නට ආගමික පසුබිමෙන් දෙන පණිවුඩය නිසා. රටක් විදියට ඉදිරියට යන්නට පුළුවන්කම තිඛෙනවා. ලෝක බෞද්ධ මහා සම්මේලනය අපේ රටේ පවත්වමින් අපට කරනු ලැබූ ගෞරවය නැවතත් අපි ඉතාමත් අගය කරනවා. අපේ රටට ලෝකයේ බෞද්ධ රටවල් 47 කින් පැමිණි ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ වූ වන්දනීය පූජනීය මහා සංඝරත්නය ද ඒ සමග පැමිණි විදේශීය නියෝජිතයින්ට ද අපේ ගෞරව පූර්වක ස්තූතිය පුද කරනු ලබනවා.
අපට මේ කරන ලද ගෞරවය අපේ රටේ සාමය ශක්තිමත් කිරීම සඳහා අපි ශක්තියක් කර ගන්නවා. දීර්ඝ කාලයක් යුද්ධයක් පැවැති රටක් විදියට මේ බෞද්ධ සමුළුව තුළින් අපේ සමාජය යහපත් කරන්න, සුවපත් කරන්න ඉතාමත් වැදගත් පණිවුඩයක් දෙනු ලබනවා. අපට අනාගතය සඳහා සියලූ අංශවල ශක්තීන් වර්ධනය කර ආධ්‍යාත්මික සමාජයක් ගොඩනගන්නට බෞද්ධ දර්ශනයෙන් දෙන පදනම, කරනු ලබන මගපෙන්වීම විශාල ශක්තියක්. බෞද්ධාගමික කටයුතු තව තවත් අපේ රට තුළ වගේම ලෝකය තුළ ප්‍රචලිත කරමින් යුගයේ අවශ්‍යතාවය ඉටු කළ යුතුයි කියා මා විශ්වාස කරනවා.
අද මේ උතුම් අවස්ථාවට සහභාගිවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා වගේම මේ ලෝක බෞද්ධ සම්මේලනයේ හත් වන සුම`ථව අපේ රටේ සංවිධානය කිරීමේදී අපේ ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මැතිතුමා විශාල වෙහෙසක් ගත්තා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා, බුද්ධශාසන අමාත්‍යතුමා, විවිධ අමාත්‍යාංශ, ඇතුළුව සෑම අංශයකින්ම මේ සඳහා ලැබුණු සහයෝගය, අනුග්‍රහය ඉතාමත් අගය කළ යුතු වෙනවා.
මේ හත් වන ලෝක බෞද්ධ සම්මේලනය පැවැත්වීමෙන් ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් අපි බලාපොරොත්තු වන ඉතා යහපත් සමාජයක් බිහිකර ගැනීමට සහ ගුණවත් සමාජයක් බිහිකර ගැනීම සඳහා සියලූ ආකාරයෙන් ඉවහල් වේවා, සාර්ථක වේවායි ආශිර්වාද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.


ජනාධිපති මාධ්‍ය අංශය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article