ගුවන්තොටුපල පස් ටෙන්ඩරය ඥාතින්ට දුන්න ගම්පහ දේශපාලන ලොක්කා කව්ද ?

0
72

22_boeing_772_app_cmbමේ වසරේ ආරම්භ කෙරෙන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය එළඹෙන 18 දා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ මගීන් හැසිරවීමේ වාර්ෂික ධාරිතාව ලක්ෂ හැටේ සිට ලක්ෂ එකසිය පනහ දක්වා ඉහළ නැංවීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියට රුපියල් කෝටි 15,183ක මුදලක් වැය කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සමඟාමීව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිකිරීම් ආරම්භ කෙරෙන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි. මෙරට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අතරට එක්වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් රජය විසින් රුපියල් කෝටි 13,019 ක (ජපන් යෙන් මිලියන 74,397) ණය මුදලක් පිරිනමා තිබෙන අතර ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම මේ සඳහා වැයකරන මුදල රුපියල් මිලියන 21,645 කි. ඒ අනුව සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තු ගත මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 15,183ක් පමණ වෙයි. මේ අතර ගුවන්තොටුපලේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව හා පාරිභෝගික සේවා ද පුළුල් කෙරෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ අතර ගුවන්තොටු පළ සංවර්ධන කටයුතු වලට අදාලව සිදුකරමින් ඇති පස් ඉවත් කිරිම් සදහා වන ටෙන්ඩරයට විධිමත් ලෙසින් ඉල්ලුම් කරුවන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටියදි එකි ටෙන්ඩරය ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රබලයෙකුගේ සමිපතම ඥාතියෙකු වෙත ලබා දිමට කටයුුතු කර ඇතැයි වාර්තාවේ.
ඒ අනුව මෙසේ වැලි ඉවත්කරගැනිමෙ ව්‍යාපාරික කටයුත්තට සම්බන්ධව සිටින අය අතර ගම්පහ එජාප ප්‍රබලයන් පිරිසක් සිටින බවද වාර්තාවේ.