spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගුවන් පියාසර කටයුතු සඳහා A.D.S.B තාක්ෂණය ශ්‍රී ලංකාවට

Must read

3A5A8600

ලෝකයේ ගුවන් පියාසර කටයුකු සඳහා යොදා ගනු ලබන ස්වයංක්‍රීය ආරක්ෂිත නිරීක්ෂණ A.D.S.B (Automatic Dependence Surveillance – Broad Casting) තාක්ෂණය ශ්‍රී ලංකාවේදී 15 (ඊයේ) වෙනි දින සිට ආරම්භ කළ බව ගුවන් සේවා සහා ගුවන් තොටුපළ සමාගම පවසයි. මෙහි සමාරම්භක අවස්ථාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 15 (ඊයේ) වෙනි දින පස්වරුවේ රත්මලාන ගුවන් තොටුපළේ පාලක මැදිරියේදී සිදු කෙරිණ.

A.D.S-B (Automatic Dependence Surveillance – Broad Casting) තාක්ෂණය ගුවන් ගමන් සඳහා මෙතෙක් ලෝකයේ භාවිතා කළ රේඩාර් තාක්ෂණය වෙනුවට සොයා ගත් නවීනතම අධි තාක්ෂණ ක්‍රමවේදයකි. චන්ද්‍රිකා මගින් සිදු කෙරෙන A.D.S-B තාක්ෂණය යොදා ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවට ප්‍රතිලාභ රැසක් ලැබෙන බව ගුවන් සේවා ඉංජිනේරුවරුන් පවසයි. ඒ අනුව රේඩාර් කුළුණු සවි කිරීමට හා නඩත්තු කිරීමට යන පිරිවැය අඩු කර ගැනීමට හැකිවීම, පරිසර හිතකාමී සේවාවක් ලබාදීම, ක්ෂණිකව ගුවන්යානා තිබෙන ස්ථාන පිළිබඳව නිරවද්‍ය තොරතුරු ලබාගැනීම වැනි ප්‍රධාන කරුණු ඉටු කරගැනීමට හැකිවන බව ගුවන් ගමන් පාලකවරුන් සහ තාක්ෂණික ඉංජිනේරුවරුන් අවධාරණය කරයි.

කටුනායක, මත්තල, පිදුරුතලාගල, කිලිනොච්චිය සහ සූරියකන්ද යන ස්ථානවල පිහිටුවා ඇති ග්‍රාහක කුළුණු මගින් ගුවන් ගමන් පිළිබඳව ස්වයංක්‍රීය ආරක්ෂණ නිරීක්ෂණ දත්ත රත්මලානේ පිහිටි ප්‍රධාන පාලක මැදිරිය වෙත ලබාගන්නා අතර එමගින් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව තුළ තිබෙන යානාවල මෙහෙයුම් කටයුතු ක්ෂණිකව සිදු කර ගැනීමට හැකි වන බවද ගුවන් ගමන් පාලකවරුන් අවධාරණය කරයි. එමෙන්ම ලෝකයේ ඕනෑම ස්ථානයක තිබෙන ගුවන් යානා පිළිබඳව තොරතුරු ලබා ගැනීමටද මෙම ක්‍රමවේදය තුළින් හැකිවේ.

මෙම ආරම්භක අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද මහතා පැවසුවේ : ගුවන් යානාවල ආරක්ෂාව සැලසීම සඳහා විශේෂිත වු ගුවන්යානා පාලන පද්ධතියක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඉතාමත්ම සන්තෝෂවන බවත් මෙය ශ්‍රී ලංකාවේ ගුවන් ඉතිහාසයේ අමරණීය අවස්ථාවක් බවත්ය. මේ සඳහා අපි මුදල් පිළිබඳව කොතරම් ප්‍රශ්න හා ගැටළු තිබුණත් ප්‍රමුඛතාවයක් ලෙස මේ කාරණා තේරුම් බේරුම් කරගෙන අපි ගුවන් තොටුපළවල් හා අපේ ගුවන් කලාපයට පැමිණෙන සියළුම ගුවන්යානාවල ආරක්ෂාව වඩාත් තහවුරු කරගනිමින් ලංකාවට ගුවන්යානා පැමිණීම ප්‍රියජනකබව ගුවන් නියමුවන්ට ඒත්තු ගැන්වීම කළ යුතුයි. ඒ වගේම ලොව දියුණුවන තාක්ෂණය සමගත් අපිට ඉදිරියට යාම සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීමට පුළුවන් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පැරණිතම ගුවන් තොටුපළක් වන රත්මලාන ගුවන් තොටුපළ අපි ඉදිරියේදී මීටත් වඩා දියුණු තත්ත්වයකට පත් කරමින් දැනට පැමිණෙන සංචාරකයින්ගේ පැමිණිම වැඩිකිරීම මෙන්ම පෞද්ගලික ජෙට් ගමනාගමනය වැඩි දියුණු කිරීමටත් කටයුතු කරනවා. විශේෂයෙන්ම අභ්‍යන්තර ගුවන් ගමන් සේවා ප්‍රචලිත කරමින් ගුවන් ගමන් සේවාව සුවිශේෂි ලෙසය. මෙරට එක් පන්තියකට පමණක් සීමා වූ ගුවන් ගමන්, ජනතාව අතර ඔවුන්ට දරා ගැනීමට හැකිවන පරිදි ව්‍යාප්ත කිරීමට මෙම ගුවන් සේවාව පරිවර්තනය කිරීමත් අපගේ පරමාර්ථයයි.

මෙම අවස්ථාවට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ එච්.එම්.නිමලසිරි, ගුවන් තොටුපළ සමාගමේ විධායක අධ්‍යක්ෂ ජොහාන් ජයරත්න, ICAO කලාපීය අධ්‍යක්ෂ ලී.පෙන් යන මහත්වරුන්ද ගුවන් සේවා සමාගම්වල නිළධාරීන් පිරිසක්ද සහභාගී වුහ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article