spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මත්තල ගුවන්තොටුපලට වන අලි කඩාපනී.

Must read

අලින් කීපදෙනෙකු පසුගිය දින කිහිපය තුලම මත්තල ගුවන් තොටුපල වටා ඇති ආරක්ෂිත වැට කඩා දමා ගුවන්තොටුපල පරිශ්‍රයට ඇතුල් වී ඇත. මේ අකාරයෙන් ගුවන්තොටුපොල භූමියට ඇතුළු වූ වන අලියන් පලවා  හැරීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් පසුගිය දින කිහිපය පුරාවටම මෙහෙයුම් දියත් කර තිබිණි.

හම්බන්තොට ප්‍රදේශයේ දිගින් දිගටම සිදුවන සංවර්ධන කටයුතුත් සමග තමන්ගේ ස්වභාවික වාසස්ථාන වන අලීන්ට අහිමි වීමත් සමග මෙවැනි ගැටළු උද්ගතවෙමන් පවතින බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කරන අතර එම නිසා යෝජිත හම්බන්තොට වන අලි කළමණාකරණ රක්ෂිතය කඩිනමින් ප්‍රකාශයට පත්කර අක්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් අවතැන්වී ඇති වන අලීන්ගේ මෙන්ම ඒ අවට ප්‍රදේශවල ජනතාවගේ රැකවරණය තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් පරිසරවේදීන් රජයෙන් ඉල්ලා සිටී.

p1 (2)

p1 (3)

p1 (4)

 

 

ඡායාරූප – දිනමින

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article