spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගෝඨාට මිගමුවෙන් සෙනග නෑ ! බස් රථ ආපසු හරවා යවයි !

Must read

gotaපොහොට්ටුව අපේක්ෂකයා ලෙස නාමයෝජනා භාරදුන් ගෝඨාභය රාජපක්ෂව පිළිගැනිම සදහා මීගමුවේ පොහොට්ටු ජනයා රැගෙන යාමට පැමිණ බස්රථ වලට ප්‍රමාණවත් සෙනගක් නොසිටිම නිසා ඒවා අාපසු හරවා යවා ඇතැයි වාර්ථා වේ.
නෙළුම් මාවතේ කාර්යාලයේ අනුග්‍රහයෙන්  බස් රථ 20ක් එවිමට සුදානම් කර තිබුණද සෙනග සිට ඇත්තේ බස් 4 කට පමණක් බව වාර්ථා වේ.
අද කොළඹට සෙනග ගෙනයාම සදහා ආදල සංවිධාන කටයුතු වෙනුවෙන් වු විශේෂ රැස්විමක් නිමල් ලංසාගේ  නායකත්වයෙන් පසුගියදා පැවැති අතර ඒ සදහා මීගමුවේ ජේෂ්ඨ දේශපාලකයෙකු වු සරත් ගුණරත්නට පවා ආරාධනා කොට නොතිබුන බව අප කලින් වාර්ථා කර සිටියෙමු.තතු එසේ .වුවද පසුගිය කාලය තුල නිමල් ලංසා ප්‍රසිද්ධියේ කියන්නට යෙදුනේ සරත් ගුණරත්න මිගමුවේ පොහොට්ටු සංවිධාකයා බවය.
කෙසේ වෙතත් මේ දිනවල නිමල් ලංසාගේ දේශපාලන වැඩවලට පිරිස් බලය සපයාගන්නේ නගර සභාවේ පඩි ලබන ව්‍යපෘති කම්කරුවන්ගෙන් බවද වාර්ථාවේ.
පසුගිය දිනවල වත්තල ප්‍රදේශයේ පැවැති අත්පත්‍රිකා බෙදිමක් සදහාද වත්තල ප්‍රදේශයේ ආධාරකරුවන් සොයා ගැනිමට නොහැකි වු නිමල් ලංසා ඒ සදහාද කැදවාගෙන ගොස් තිබුනේ මිගමුවේ පිරිසකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article