spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගෝමස් මන්ත්‍රිගේ බඩේ ආමාරුව ගැන අපේ පුවත අගමැතිගේ අවධානයට !

Must read

beach park 1(1.15 am ) බිච් පාක් එක වසර 5 ක කාලයකට නගරාධිපති දයාන් ලංසාගේ පියා වන පිලෙන්ද්‍රන් ලංසාට ලබාදිම සදහා වන යෝජනාවක් සැප් මස   මහසභාවට ඉදිරිපත්ව තිබුණි.
මේ සදහා පැවැත්විමට නියමිත ඡන්ද විමසිම තිරාණාත්මක එකක් විය.
එජාප නාගරික මන්ත්‍රි මණ්ඩලය ඒකමතිකව තින්දු ගෙන තිබුනේ මෙයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරිමටය..
තතු මෙසේව තිබියදි එජාප මන්ත්‍රින් දෙදෛනෙකු ඡන්දය විමසිම සිදුවන අවස්ථාවේදි එහි සිටියේ නැත.ඒක අයෙකු එදින පැමිණ සිටියේද නැත.මෙදින සහභාගි නොවිමට බලපා තිබුන හේතුව වි තිබුනේ බඩේ අමාරුවක් හැදි තිබිමය.

මිපුර අප පෙනි සිටින්නේ මේ රටේ යහපාලනය වෙනුවෙනි. එමෙන්ම රාජපක්ෂලාගේ යමපාලනයට එරෙහිවය.
යමපාලන න්‍යාය පත්‍රයන් කොතනද අප ඊට කොන්දේසි විරහිතව පෙනි සිටින්නෙමු.
දැන් මිගමුව තුල ක්‍රියාත්මක වන්නේ යමපාලන ව්‍යාපෘතියකි. යහපාලනය මිගමුව අාසනය තුලදි දුර්වල කිරිම මේ යමපාලනයේ අරමුණයි.
මේ යථාර්ථය සැබැවින්ම තේරුම් නොගත් ඇතැම් දේශපාලන අදබාලයන් යමපල්ලන්ගේ සකලාකාර දහම් ගැට වලට අසුව යහපාලනය දුර්වල කිරිම සදහා කඩේ යමින් සිටිති.
එහිදි අප ගනු ලබන්නේ යහපාලනය පැත්ත මිස යමපාලනයට උඩගෙඩි දෙන දේශපාලන අදබාලයන්ගේ පැත්ත නොවේ.
මීගමුවටත් එහි බදුගෙවන ජනයාටත් ඉතාමත් තිරාණාත්මක ඡන්ද විමසිමකදි එ් ගැන කිසිදු වගක් නැතිව හැසිරෙන කව්රුන් හෝ අප දකින්නේ යමපාලනයට වක්‍රආකාරයෙන් උඩගෙඩි දෙන්නන් ලෙසිනි.
මේ අනුව පසුගිය මහසභා රැස්විමේ ඡන්ද විමසිමට එක් නොවුණ මන්ත්‍රිවරුන් 2 කක් ගැන අප අපගේ විග්‍රහය ඉදිරිපත් කළෙමු.
මේ ගැන අප හා උරණ වු ගෝමස් මන්ත්‍රිවරයා අයැද සිටියේ අප විසින් පළකරන ලද පුවත ඉවත් කර දෙන ලෙසය.
පසුව අප ඔහුට කියා සිටියේ අප විසින් කර තිබුන විග්‍රහය වැරදි නම් ඒ ගැන පැහැදිලි කිරිමක් කොට අපට පිළිතුරු ලිපියක් එවන ලෙසය. අප එය පළකරන්නට බැදි සිටින බවද ඔහුට කියා සිටියෙමු.
ඒ සැප්තැම්බර් 09 වෙනිදාය.
එදිනම රාත්‍රියේ මද පමණට සප්පාම් වි සිටි ගොමස් මන්ත්‍රිවරයා අප වෙත SMS පණිවිඩ කිපයක් එවමින් කියා සිටියේ  අප විසින් පළ කර ඇති ලිපිය ඉවත් නොකරන්නේ නම් නඩු මගට බසින බවය.
ඊයේ රාත්‍රියේදි යළිත් කෙටි පණිවිඩයක් එවමින් කියා සිටියේ අපගේ පුවත් පිළිබදව අගමැතිවරයා පැමිණිලි කරන බවය.Gomez 1
අපට එක දෙයක් ගෝමස් මන්ත්‍රිවරයාට කිව යුතුව තිබේ.
ඔබ කියන ලෙසින් අප විසින් පළකර ඇති පුවත් ගලවා ඉවත් කිරිම අපේ ප්‍රතිපත්තිය නොවන බවය.
අප විසින් පුළුල් දේශපාලන විග්‍රහයක් සිදුකර තිබේ.
එයට අදාලව ගෝමස් මන්ත්‍රිවරයාට යම් පැහැදිලි කිරිමක් කළ යුතුව ඇත්නම් එය පළකිරිමට අප සුදානම්ය.එසේත් නොමැතිව අපට අණකරමින් කෙටි පණිවිඩ ඒවා අප බියවැද්දිය නොහැකි බව ඔහු දැනගත යුතුය.
අප පෙනි සිටින්නේ ලංකාව තුල හෝ මිගමුව තුල යමපාලනයට යළිත් කිසිදු ඉඩක් නොදිය යුතුය යන ස්ථාවරයක  පිහිටාය.
ගෝමස් මන්ත්‍රිවරයාට ඒ දේශපාලනය තේරුම් ගැනිමට නොහැකි නම් එය අපේ වරදක් නොවන බවද අවසන් වශයෙන් මෙහිලා සටහන් කරනු කැමැත්තෙමු.සඳ පෙන්වු වි⁣ට සඳ දෙස නොව ඇඟිල්ල දෙස බලන කාටත් කිව යුතුව ඇගිල්ල දෙස නොව සඳ දෙස බලන්නට පුරුදුවන්නට යැයි කියාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article