spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

චමිලාගේ ඝාතකයාට හෙට කුමක් සිදුවේද ?

Must read

main5pic12007  වර්ෂයේ නොවැම්බර් මාසයේ 12 වනදා මීගමුව රෝහලේදී සිදුවූ  චමිලා දිසානායකගේ ඝාතනය සම්බන්ධයෙන්  නඩු විභාගය වසර 07 ක් පුරා පැවැත්විණි. 2014 වසරේදී මෙහි තීරණාත්මක සාක්ෂී විමසීම් රැසක් සිදුවූ අතර සැකකාර වෛද්‍යවරයා ද විශේෂ ප්‍රකාශයක් මහ අධිකරණියේදී සිදුකර අවසන්ය. හෙට සැප්තැම්බර් මස 03 වනදා  මීගමුව මහ අධිකරණයේදී  පැවැත්වීමට ඇති නඩු වාරයේදී චමිලා දිසානායකව දූෂණය කොට  ඝාතනය කිරීමේ  සම්බන්ධයෙන් තීන්දුවක් ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වේ.
චමිලා දිසානායක නම් තරුණිය මොනරාගල පදිංචිකාරියක් වන අතර ඇය කටුනායක නිදහස් වෙළද කලාපයේ රැකියාවක් කළාය. ඇය ඝාතනය වූ දිනයේ දහවල් මීගමුව රෝහල වෙත පැමිණ තිබුණේ සිය පියයුරක ඇතිවූ ගැටිත්තක්  ගැන සිදුකළ පරීක්ෂණ වාර්තාවක් රැගෙන යාමටය.
එදින ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් ගැන කිසිදු සඳහනක් නොමැති අතර ඇය මෙම නඩුවේ ප්‍රධාන සැකකාර වෛද්‍ය සුදර්ශන බාලගේ සමග එදින සිටිනු දුටු අය ඇත.
2013/04/30 වනදා  මහඅධිකරණයේදී සාක්ෂි දුන් මීගමුවේ රෝහලේ සේවකයෙක් සහ දංකොටුවේ පදිංචි කාන්තාවක්  විසින් 2007 නොවැම්බර් 12 වනදා  දහවල් චමිලා  දිසානායක  වෛද්‍ය සුදර්ශන බාලගේ සමග විදුලි සෝපානය අසල සිටිනු දුටු බව පැවසීය. එම සේවකයා  රෝගීන්ට නොම්මර නිකුත් කරන අංශයේ සේවය කරන සේවකයෙකි.
මෙම තරුණිය මීගමුව රෝහලේ 06 වන මහලෙන් ඇද වැටෙනු දුටු අය සිටියද වැටුණේ කෙසේද යන්න කිසිවෙකුත් දැක තිබුණේ නැත. තරුණියක් රෝහලේ 06 වන මහලින් පැන ඇතැයි යන ප්‍රචාරය පැතිරුණ අතර පැය කීපයකින් පසු මෙමඇද වැටීමට පෙර
චමිලාගේ ඝාතකයා ඇය සමග කළ  යක්ෂයාගේ රංගනය හෙළිවිය.
එම හෙළිදරව්වේ  ප්‍රධාන හා ප්‍රබල භූමිකාව වූයේ එම 07 වන මහලේ පිරිසිදු කිරීමේ  කාර්යයේ  යෙදී සිටි කම්කරු කාන්තාවයි. ඇය එල්.එම්. බ්‍රියටිස් මහත්මියයි.
නොවැම්බර් 12 වනදා දහවල් රෝහලේ 06 වන මහලින්  ඇද වැටුණ චමිලා ට සිහියක් පතක් නොතිබුණ අතර හිසට තුවාල වී තිබු බව මිගමුව රෝහලේ වෛද්‍යවරුන් සනාථ කළ පසු ඇයව රාගම රෝහලට පිටත් කරන ලදි.
ඒ අතරමගදී චමිලා ජීවිතය හැරගිය අතර රාගම රෝහලට ගෙන  ගියේ මිය ගිය චමිලාගේ සිරැරය.
චමිලා 06 වන මහලෙන් ඇදවැටුණ පුවතදැනගත් මොහොතේ රෝහල බලා ගිය මාධ්‍යෙව්දියෙකු අප හා පැවසූවේ ඇගේ ඇදුම් තිබූ ආකාරයට ඇයට යම් අතවරයක් සිදුවී ඇති බව තමන් දැනගත් බවයි. මේ බව රාගම රෝහලේ දී ද හෙළිවිය.
චමිලා දිසානායකගේ මරණින් පසු  නොවැම්බර් 13 වනදා මීගමුව පොලීසියේ අපරාධ අංශය විසින් අපරාධ පරීක්ෂණ ආරම්භ කළ අතර රෝහලේ 06 වන මහලේ  පරීක්ෂාවන් හා කටඋත්තර ගැනිම් ආරම්භ විය.
මෙහිදී අපරාධ පරීක්ෂණය මෙහෙයවූ මීගමුව පොලීසියේ  හිටපු අපරාධ අංශයේ ස්ථානාධීපතිවරයා වන කංකානම්ලාගේ තිලක් පුෂ්පකුමාර මහතා විසින්  ඔහු විසින් 2017 නොවැම්බර් මස 13 /14 යන දිනවල  සිදුකළ එම පරීක්ෂණ හා සාක්ෂි පිළිබඳව ඔහුගේ එකගතාවය  නැවතත් 2014 වසරේදී නඩු වාර කීපයකදී මීගමුව මහ අධිකරණයේදී තහවුරු කරන ලදි.
ඒ අනුව මුලදි , තරුණියක් 06 වන මහළින් පැන ඇති නිගමනයමත පරික්ෂණ කටයුතු ආරම්භ කළද පසුව පරීක්ෂණ අතරවාරයේදී මෙය ඝාතනයක් බව තේරුම් ගෙන ඒ අනුව නැවතත් පරීක්ෂන කටයුතු ඒ පරිදි සිදුකළ බව ඔහු විසින් අධිකරණයේදී ප්‍රකාශ කළේය. චිමිලා වැටුණ ස්ථානයට ලම්භකව ඉහළින් ඇති කාමරය 33 වන කාමරය බව තමන් නිගමනය කළ බවත් ඒ අනුව එම කාමරය හා අවටත් පරීක්ෂා කරන විට කෙස් රොදවල් මෙන්ම තවත් සාක්ෂි සොයාගත් බව ප්‍රකාශ විණි.
මෙය මිනීමැරැමක් බවට වැටහුන නිසා  එම කාමරයට කිසිවෙකුට ඇතුල් විය නොහැකි ලෙස පොලිස්  ආරක්ෂාව සැපයූ බවත් අනාවරණය කළේය.
ඒ අනුව එම කාමරයේ තිබූ සොයාගත් කාඩ්බෝඩ් පට්ටය, ව්‍යාඝා පෙති හතරේ කාඩ් එක  , චමිලාගේ අත්බෑගය හා සපත්තු යනාදිය එහි තිබි සොයාගන්නා ලදී. ව්‍යාඝ්‍රා පෙති කාඩ් එකෙන් පෙති 2කක් අඩුවී තිබු බව ද ඔහු ප්‍රකාශ කළේය.
එදිනම රාත්‍රී 11.30ට පමණ බ්‍රියට්‍රිස්ගේ නිවසට ගිය අපරාධ අංශයේ ස්ථානාධීපිතිවරයා විසින් ඇය දුටුදේ සාක්ෂි සටහන් කරගන්නා ලදි. එදින ඇය විසින් දුටුදේ මෙම ඝාතන නඩුවේ  ප්‍රබල සාක්ෂිය ලෙස අධිකරණය ඉදිරයේ පවතී.
චමිලා 06 වන මහලින් වැටීමට සුලු වේලාවකට පෙර වෛද්‍ය සුදර්හන බාලගේ විසින් තරුණියක් ව කොරිඩෝව දිගේ කාඩ්බෝඩ් පට්ටයක් මත තබාගෙන ඇදගෙන යනු ඇය විසින් දැක තිබේ. ඇය 07 වන මහලේ සිට බලන විට 06 වනමහලේ කොරිඩෝව දිගේ මෙම වෛද්‍යවරයා විසින් තරුණියක් කාඩ්බෝඩ් පට්ටයේ තබා ඇදගෙන ගිය බව දැක්ක බවත් එම අවස්තාවේදී ඇය වෛද්‍යවරයාට කතාකර උදව් අවශ්‍යදැයි විමසූ බවත් ඇය සාක්ෂි දි තිබේ. මෙම සාක්ෂි සහ තවත් අමතර සාක්ෂි සටහන් වලින් පසු ස්ථානාධිපතිවරයා විසින් එදින පාන්දර 1.40 ට පමණ  මීගමුව රෝහලේදිම සැකකාර වෛද්‍ය සුදර්ශන බාලගේව අත්අඩංගුවට ගන්නා ලදි.
ඉන් පසුව මෙම ඝාතන නඩුවේ සාක්ෂි විමසීම් අවුරුදු කිපයක් ප්‍රමාද විය. එයට හේතුව ලෙස ඉදිරිපත් වූයේ ඇයගේ පශ්චාත් මරණ පරික්ෂන වාර්තාව නිකුත් කර නොමැති බවයි.
පසුව 2013 මැයි 6 වනදා රාගම රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ජිත් පෙරේරා මහතා සාක්ෂි දෙමින් පවසා සිටියේ චමිලා දිසානායක මෙනවිය 6 වන මහලින් බිමට  වැටිමට පෙර දූෂණයට ලක්ව ඇති බවත් ඇගේ ගෙල මිරිකා බෙල්ල ද සපා ඇති බවත්ය. එමෙන්ම ඇගේ සිරුෙර් තුවාල 63 ක් නිරික්ෂණය කළ බවද තවදුරටත් ඔහු මෙහිදි ප්‍රකාශ කර තිබුණි.
චමිලාටරෝහලේදී සිදුවූ අපරාධය  පිළිබඳ  ඉතාම සියුම් හා ප්‍රබල පරීක්ෂණ වාර්තාවක් ඔහු විසින් ඉදිරිපත් කර තිබූ අතර මෙම වාර්තාව ඉදිරියේ  ඇය සිතාමතා 06 වන මහලින් පැන්නාද යන සැකය තහවුරු වීමට කිසිදු අවසරයක් නොලැබුණි. එමෙන්ම ඇයගේ යෝනි මාර්ගයේ ගලායමින් තිබූ ලේ ධාරාව ඇයට කළ බලහත්කාරමක ප්‍රතිපළයක් බව ඔහු විසින් එකහෙලාම සහතික කර තිබුණි.  එය බිමට වැටීමේදී  සිදුවිය නොහැකි ද කියා ප්‍රශ්නයක් නැගූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ එසේ වූවා නම් එම ස්ථානයේ තුවාලය වෙනත් තැල්මක් සහිතව ආකාරයක් ගනු ඇති බවයි. ගෙල මිරීකීම , ලිංගික බලහත්කාරකමක් සිදුවීම, පොරබැදීම , යන සිදුවීම් චමිලාගේ ශරීරයේ තිබූ තුවාල හැට ගණනම විමර්ශනය කරමින් වෛද්‍යවරයා විසින් ඔප්පුකර සිටි අතර,
විත්තියේ නීතිඥවරුන්ගේ බොල් තර්ක සමහර අවස්තා වල හාස්‍යයට පවා ලක්විය. එක්තරා නඩුවාරයකදී  විත්තියේ නීතිඥයෙකු විසින්  වෛද්‍ය ප්‍රියන්ජිත් පෙරේරාගෙන් විමසා සිටියේ  ස්ත්‍රී දුෂණයකදී තුවාල විය හැක්කේ ස්ත්‍රී යෝනියට පමණද , පුරුෂ ලිංගයට තුවාල සිදුවිය නොහැකිද කියායි. විශේෂඥ වෛද්‍යවරයා විසින්   පවසා සිටියේ  තමන්ගේ අත්දැකීම් අනුව අපරාධකරුවන්ගේ අතින් සිදුවන ස්ත්‍රී දූෂණයකදී පවා එවැනි දෙයක් සිදු විය නොහැකි බවයි.
මේ වන විට චමිලා දිසානායක නම් තරුණිය දූෂණය කොට මරාදැමීම සම්බන්ධ ප්‍රබල සාක්ෂි කීපයක් අපරාධ පරීක්ෂණය මගින් හා පශ්චාත් මරණ පරීක්ෂ වාර්තාව මගින් අධිකරණය ඉදිරියේ තහවුරු කොට අවසන්ය. ඇයගේ මරණය සිදුවූ ආකාරය කිසිදු  මනුෂ්‍යෙයකුට ඉසිලිය නොහැකි  වන අතරම , ඒ වෙනුවෙන් යුක්තිය ඉටුවිම මෙතරම් පමාවීමද   යුක්තිගරුක නොවේ.  දැන් තිබෙන්නේ    මෙම කම්පිත අපරාධයට නීතියෙන් සාධාරණයක් ඉටුවෙන ආකාරය දෙස බලාහිදීමයි.

සටහන – කුමාරි ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article