spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

චීන එන්නත ගහලා යුරෝපෙට යන්න පුලුවන්ද ? 

Must read

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් මාත්‍රා එන්නත් කළ පුද්ගලයන්ට විදේශගත වීමට කිසිදු බාධාවක් නැතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියා ඇති බව slbc වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
සයිනොෆාම් මාත්‍රා එන්නත් කළ පුද්ගලයන්ට විදේශ ගත වීමට නොහැකි බවට පවතින ප්‍රචාරවල කිසිදු සත්‍යයක් නැතැයි පවසන ඒ මහතා ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නැයි ජනතාවට දැනුම් දුන් බවද වැඩිදුරටත් එහි සදහන්ය.

ස්වීඩනය, හංගේරියාව, කැනඩාව, නෙදර්ලන්තය, ඉරාකය, ජොර්දානය, මාලදිවයින ,උතුරු කොරියාව, කටාර් රාජ්‍යය, පකිස්තානය, ඉන්දුනිසියාව ඇතුලු රටවල් රැසක් සයිනොෆාම් එන්නතට අනුමැතිය දී ඇතැයිද ඒම පුවතේ සදහන්ය..
කෙසේ වෙතත් ඉතාලිය ඇතුළු යුරෝපයේ රටවල් ගණනාවකට යැමේදි චින එන්නත ලබාගෙන තිබිම ගැටලු සහගත වි ඇතැයි ඒ් රටවල සිටින ශ්‍රිලාංකියෝද පවසා සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article