spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනතාව ගඳයි කියන , රාජ්‍ය නිලධාරීන් ගඳ නැතැයි කියන කරවල නඩුව !

Must read

dry fish issueමීගමුව කලපුවේ අපද්‍රව්‍ය දැමීම පිළිබඳව පවතින පාරිසරික ප්‍රශ්ණය ධීවරයින් , විවිධ සංවිධාන , බුද්ධිමතුන් නිතර සාකච්ඡාවට ,අවධානයට යොමුකල ප්‍රශ්ණයකි . එසේ කලපුවට අපද්‍රව්‍ය දමා පරිසරයට හානි සිදුකරන අය අතරට කරවල වේලන අයද වගකිවයුතු බව පවසා නඩුවක් දමා ඇති අතර එය මේවනවිට විභාග වෙමින් පවතී.
කරවල වාඩි කරුවන්ට එරෙහිව මෙකී නඩුව පලමුව පවරා තිබුනේ මීගමුව මහ නගරසභාවේ මහජන සෞඛ්‍ය අංශය විසින්ය. නඩුව විභාග වෙමින් තිබියදී නැවත එය වෙනස් දිසාවකට යොමු විය. දැන් එම නඩුව පවරා ඇත්තේ දුන්ගාල්පිටිය පොලීසිය විසින්ය.
පසුගිය නඩු වාරවලදී වාඩිවල අපද්‍රව්‍ය දැමීම සහ දුඟද ගැන කරුණු ඉදිරිපත් වූ අතර ගඳ සම්බන්ධව වාර දෙකකදීම දෙපාර්ශවයෙන්ම කරුණු ඉදිරිපත් කරන ලදී . ⁣මෙම නඩු වාරයේදී සාක්ෂිකරුවන් ලෙස පැමිණි ග්‍රාම නිලධාරීනිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නියෝජිතයා කියා සිටියේ ගඳක් නැති බවයි. ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා කියා ඇත්තේ ගඳ තිබෙන බවයි . නමුත් තවමත් නිසිලෙස වාර්තා නොලැබීම නිසා වෙරල සංරක්ෂණය සහ මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තා කැඳවන ලෙස නියෝග කරමින් නැවත ඔක්තෝබර් 22 දක්වා මෙම නඩුව කල් දමන ලදී .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article