spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනපතිට කැබිනට් ඇමතිකමක්…..

Must read

 GR 1

නව ඇමැති මණ්ඩලය අනිද්දා (12) පෙරවරුවේ මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද ඇමැති ධුරයක් හිමිවීමට නියමිත බව පැවසේ.

බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජනාධිපතිවරයා භාර ගත යුතු බවට යෝජනා වී ඇතැයි වාර්තා වේ.

නව කැබිනට් ඇමැතිවරුන් 26 දෙනකුට සීමාකරමින් රාජ්‍ය, නියෝජ්‍ය සහ ව්‍යාපෘති ඇමැතිවරුන්ද මෙදින දිවුරුම් දීමට නියමිතව ඇතැයි පැවසේ.

අගමැති මහින්ද රාජපක්ෂ මුදල් සහ නිවාස හා ඉදිකිරීම් ඇමැතිධුරවල දිවුරුම් දීමට නියමිතය.

චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග ඇමැති ධුරයේද නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමැති ධුරයේද දිවුරුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යාපන ඇමැති ධුරයටත් දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ කටයුතු ඇමැති ධුරයටත් යෝජනා වී තිබේ.

සෞඛ්‍ය ඇමැතිධුරය සඳහා පවිත්‍රා වනිනිආරච්චි මහත්මියගේ නම යෝජනා වී තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම ඇමැතිධුරයටද, ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ධුරයටද යෝජනා කර ඇති බව ද මේ අතර වාර්තා වේ.

ජනමාධ්‍ය ඇමැති ධුරය කෙහෙළිය රඹුක්වැල්ල මහතාටද ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අධිකරණ ඇමැතිධුරයද යෝජනා වී ඇතැයි පැවසේ.

මීට අමතරව නවක මන්ත්‍රීවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය සරත් වීරසේකර සහ ජීවන් තොණ්ඩමන්ට කැබිනට් ඇමැති ධුර ලබාදීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.
(ශ්‍රිලංකා මිරර් )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article