spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනපති සිරිසේන මීනිමරුවෙකු නිදහස් කළේ ඇයි ?

Must read

FB_IMG_1573353560541අද ජනාධිපති සමාව යටතේ නිදහස ලබපු ජූඩ් ඇන්තනී ප්‍රනාන්දු සිරගත වෙන්නේ ඔහුට වයස අවුරුදු 18 පමණ. ඒ කුප්‍රකට රෝයල් පාක් මිනීමැරුම සම්බන්ධයෙන්. ඒ 2005දි විතර. අද ඊයේ ලොකු මහත් වෙච්ච ගොඩක් උන් මේ ගැන දන්නේ ” බඹර නාදේ” සිංදුවේ විශුවල් එක විදියට විතරයි. ඒත් ජූඩ් ලා කියන්නේ මේ රටේ සාමාන්‍ය පන්තියේ මිනිස්සු නෙමෙයි. මට මතක විදියට කොල්ලුපිටියේ බගතලේ පාරේ පදිංචි වෙලා හිටපු, ජාත්‍යන්තර පාසල් වලට ගිහිපු, ලංකාවේ අනෙක් සාමාන්‍ය ළමයි දිනපතා ටියුෂන් යන වයසෙදි දවස ගානේ නයිට් ක්ල්බ් ගිහිපු වෙනස්ම සමාජ ස්ථරයක ජීවත් උන අය.

කොහොම උනත් ජූඩ් සම්බන්ධ වෙච්ච රෝයල් පාර්ක් මිනීමැරුම ඒ කාලේ මාධ්‍ය වල හරි ජනප්‍රියයි. අර දුමින්දගේ නඩුව අකුරින් අකුර හිරු නිවුස් වල කියවනවා වගේ මහාධිකරණයේ විභාග වෙච්ච මේ නඩුව ඒ දවස් වල දිනපතාම ලංකාවේ මුද්‍රිත මාධ්‍ය වල පල උනා.

ඒ කාලේ හැටියට මේ අපරාධය සහ නඩුව රටේ ජනප්‍රිය වෙන්න කරුණු කිහිපයක් බලපෑවා. එකක් මේ නඩුවට සම්බන්ධ වින්දිත පාර්ශවය වගේම විත්ති පාර්ශවයත් රටේ ඉහල පන්තියේ මිනිස්‍සු උනා. අනික රෝයල් පාර්ක් කිව්වම මිනිස්සුන්ගේ ඔළුවේ ඒ දවස් වල තිබුනේ නිකං අමුතුම තැනක් කියන ආකල්පය. අනික් කාරනේ තමා රෝයල් පාර්ක් නඩුව තනිකරම දිව්වේ පරවේෂණිය සාක්ෂි මත. නිවාස සංකීර්ණයේ පිටත පඩිපෙල මත සිදුවූ මේ ඝාතනය සියැසින් දුටු කිසි කෙනෙක් හිටියේ නෑ. ඒ වගේම අඟලක් අඟලක් ගානේ CCTV කැමරා නොතිබුන 2005 වගේ යුගයේ මිනීමැරුම සිදුවෙන ආකාරය කිසිම කැමරාවක සටහන්‍ වෙලා තිබුනෙත් නෑ. තිබුන ලොකුම සාක්ෂිය තමයි ජූඩ් ගේ ඇඟිලි වල ගෑවිලා තිබුනු මිය ගිය තැනැත්තියගේ ලේ පඩිපෙලේ අත්ල මත සටහන්ව තිබීම. ඒ වගේම අධික බීමතින් හිටපු ජූඩ්ගේ වමනය සාම්පල. එවකට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මේ සුළු සාක්ෂි කිහිපයත් එක්ක දැඩි පරිශ්‍රමයක් දැරුවා මේ නඩුව අධිකරණයේදි ඔප්පු කරන්න.

කොහොම උනත් මහාධිකරණයේ විභාග උන මේ නඩුවෙදී කරුණු සලකා බැලූ අධිකරණය මෙය සාවධ්‍ය නොවන මනුෂ්‍ය් ඝාතනයක් බවට තීන්දු කරමින් විත්තිකරුට වසර 12ක බරපතල වැඩ ඇතුව සිර දඩුවමක් නියම කරා. ඒ 2012 වගේ. සාමාන්‍යයෙන් මහාධිකරණ තීන්දුවෙන් පසු ඉහල අධිකරණයට නඩුවක් ඇපීල් කරන්නේ විත්ති පාර්ශවය. ඒත් මේ නඩුවෙදි ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ( මම වැරදි නම් නිවරදි කිරීමට යටත්ව) නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට ඇපිල් කරනවා මහාධිකරණයෙන් විත්තිකරුට හිමිවූ දඩුවම ප්‍රමාණවත් නොවන බවට. ඒ අභියාචනය පිළිගත්‍ අභියාචනාධිකරණය මෙය චේතනාන්විතව කල සාවධ්‍ය මනුෂ්‍ය ඝාතනයක් බව තීන්දු කරමින් 2014 වසරේදි ජූඩ් ඇන්තනීට මරණ දඩුවම නියම කරනවා. පසුව ශේෂ්ඨාධිකරණයත් එම දඬුවම තහවුරු කරනවා.

ලංකාවේ නීති පොත් අළුත් කරමින් විශේෂයෙන්ම විත්ති පාර්ශවයේ ධනය හා බලය ඉදිරියේ නොනැමී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල විශේෂ පරිශ්‍රමයක ප්‍රතිඵලයක් ලෙස එල්ලුම් ගහට නියම කරපු අපරාධකරුවෙක් තමයි අද මෙහෙම සිය විධායක බලතල යොදා ගනිමින් ජනාධිපතිවරයා විසින් විශේෂ සමාව යටතේ නිදහස් කරන්නේ. ඒ නිදහස් කරපු අරමුණ නම් අපි දන්නෑ. සමහර විට ඔහුගේ පවුලේ වත්පොහොසත්කම් නිසා වෙන්න හෝ ඔහු බන්ධනාගාරය තුලදීම පශ්චාත් උපාධිය දක්වා ඉගන ගත්ත නිසා වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් එක දින මිය ගිය ජීවිත 300ක් විතර ප්‍රමාණයක් බේර ගන්න පාවිච්චි නොකරපු විධායක බලතල මේ එක ජීවිතයක් බේර ගන්න ලෝස් නැතුව පාවිච්චි වෙන එක. ඒකත් මේ ගෙදර යන්න ලෑස්ති වෙන අල්ලපනල්ලේ.

(රන්සර සඳරුවන්ගේ මුහුණු පොතෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article