spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජන අරගල භූමියේ උපන් දින සාදය…..

Must read

මීගමුව , තෙල්වත්ත හන්දියේ අරගල භූමියට අද සුවිශේෂී දවසක්. ජන අරගලයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකුගේ උපන්දින සැමරීම මැයි ( 27 ) සිදුවීම නිසයි .


ඒ නාමල් නම්වූ සැබෑ සමාජ ක්‍රියාධරයා සහ පියපේම නම්වූ මාධ්‍යවේදී අරගල කරුවා මූලික කර ගෙනය.


අද රටේ පවතින අර්බුදකාරී තත්ත්වය නිර්මාණය කළ දුර්දාන්ත පාලනයට එරෙහිව නැගීසිටි මිනිසුන් අතර ඒ සඳහා අප සමග එකට එකතුවී කටයුතු කළ මිනිසුන් රැසකි.

මෙම උපන් දින සාදයද ඔවුන්ගේ මැදිහත්වීම මත සංවිධානය කරන ලද්දකි.
අප සියළු දෙනා මෙම අරගලය සඳහා පෙරමුණ ගත්තේ එකම අරමුණක පිහිටා සිටිමිනි.

විවිධ මතවාද අදහස් තිබුණු නමුත් අද මේ සියල්ලන්ගේ අරමුණු සමානවී ඇත . එබැවින් පොදු අරමුණකට අනුව එක මගකට යොමුවී ඇත . එකිනෙකා අතර මිනිස් කම පෙරදැරි කර ගත් සහෝදරත්වය ශක්තිය බවට පත්වී ඇත . අප ගොඩනගා ගත් මෙම තත්ත්වය අඛණ්ඩව ඉදිරියට ගෙනයා යුතුය. අපි මෙම අරගල භූමිය තුළ ලැබූ උසස්ම දායාදයයි ඒ. මේ අනුව අප සියළු දෙනා සතුටට පත්වී සිටිමු .
මෙම අරගලය අප දැනටමත් ජයගෙන ඇත .
අප මේ සැබෑ මිනිසුන් දෙදෙනාගේ උපන් දිනය සැමරීම තුළ සිහිපත් කරන්නේ හුදු උපන්දින සැමරුමක් පමණක් නොව, සැබෑ මිනිස් සමූහයකගේ ඉහතකී මානව ගුණාංගයන්ගේ එකමුතුව පිළිබඳව ය
අපගේ උපන් දින සාදය හුදු උපන් දින සාදයක් පමණක් නොවන්නේ එබැවිනි .

අවසන් වශයෙන් පියපේම සහෝදරය, නාමල් සහෝදරය ඔබ දෙදෙනාටම සුභ උපන් දිනයක් පතනවා සේම සියල්ල ජයගැනීමට ශක්තිය සහ ධෛර්යය පතන්නෙමු ….

සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article