spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාතික සමගිය පතා මුස්ලිම්වරු සිංහ කොඩියද රැගෙන පාරට බසිති !

Must read

IMG-89467fa083c1448a7d9d2a834362e55e-VIMG-aac6a8aeaf021bab0bae1c4f32e32ad8-V

අපේල්  21 වන දින  කටුවපිටිය  දේවස්ථානයේ  මරාගෙන  මැරෙන බෝම්බය  පුපුරුවා  ගත්තේ  මුස්ලිම්  ජාතිකයෙකි . එසේම  කතෝලික  දේවස්ථාන  සහ  තවත්  ස්ථාන  කිහිපයක්ම  මෙම  ත්‍රස්තවාදීන්ගේ  ඉලක්කය  බවට  පත්විය. මෙම  ම්ලේච්ඡ  ඝාතන  සිදුකළ  තව්හිද්  ජමාද් සහ  ඔවුන්  සමඟ  සිටින  ISIS  කල්ලි  සමඟ  මුස්ලිම්  ප්‍රජාව  කිසිදු  සම්බන්ධතාවයක්  නැති  අතර  ඔවුන්ට  එරෙහිව   ආණ්ඩුව   ගන්නා  ඕනෑම  ක්‍රියාමාර්ගයකදී  තමන්  ඊට  සහයෝගය  ලබාදෙන බවද   මුස්ලිම්  පූජක තුමන්ලා  සහ  මුස්ලිම්  නායකයින් එක  හඬින්  පවසති.
මේ  අදහස  ඔවුන්  ප්‍රකාශකළේ  ඊයේ දින  මීගමුව   පෙරිමුල්ල  ප්‍රදේශයේ  පැවති  මුස්ලිම්  ජනතාව  විසින්  සූදානම් කළ  උද්ගෝෂණය  සහ  පෙළපාළිය  අතරතුරදීය.
මෙය  සංවිධානය  කර  තිබුනේ  මීගමුවේ  ප්‍රධාන  මුස්ලිම් පල්ලියවූ   ජුම්මා මස්ජිද්  පල්ලියේ  දායක  සභාව  විසිනි. ‍පැමිණ සිටි  පිරිස  අතින්  ත්‍රස්තවාදයට  එරෙහි  සටන්පාඨ  මෙන්ම  ජාතික  කොඩිද  ඉහලට  එසවෙනු  පෙනින.

මේ  සඳහා  මුස්ලිම්  පූජකතුමන්ලා,   උලමාවරු,  සිවිල්  සංවිධාන වල  නියෝජිතයින්  සහ මීගමුවේ   සියළුම  පල්ලිවල  මුස්ලිම්  ජනතාවද  සමඟ  2000කට  වැඩි  පිරිසක්  සහභාගීවීය.
ප. ව.1.00 ට  පමණ  ජුම්මා  පල්ලියෙන්  ආරම්භ  කළ  පෙළපාලිය   පෙරියමුල්ල යූෂිපියා  පල්ලිය  දක්වා  ගොස්  එහිදී  ටික  වේලාවක්  තම  විරෝධතාවය   ප්‍රදර්ශනය  කළ  අතර  ප්‍රධාන  පූජක  තුමන්ලා  පැමිණ  සිටි  මාධ්‍ය  වේදීන්ට  අදහස්  දැක්වීමක්ද  කරන  ලදී.

මේ  අනුව  ජුම්මා  පල්ලියේ  ප්‍රධාන  පූජක  පරූද්  පාරුක්  තුමා  ප්‍රකාශ කළේ  මෙවැනි  අදහසකි.

”මේ  ම්ලේච්ඡ  ත්‍රස්තවාදය  සහ  මුස්ලිම්  ආගම  අතර  කිසිදු  සම්බන්ධකමක්  නෑ.  සියදිවි  හානිකර ගැනීම  පාපයක්. ඒ  අයට  නිරය  තමයි  උරුම  වෙන්නෙ.  ඒ නිසා  මෙම  ත්‍රස්තවාදයට  අපි  විරුද්ධ  වගේම  මෙය  වළක්වා  ගැනීම  සඳහා  රජයටත්,  රජයේ  ආරක්ෂක අංශවලටත්  සහයෝගය    ලබාදෙනවා.  මගේ  සහෝදරයා  මේජර්  පිඩ්රි  LTTE  ත්‍රස්තවාදී  යුද්ධයේදී  දිවිපිදුවා.  මේ  ත්‍රස්තවාදය  පැරදවීම  සඳහාත්  අපි  ජීවිත  පරිත්‍යාගයෙන්  කටයුතු  කරනවා”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article