spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දිවයින පුවත්පතට දියයුතු දඩුවම ?

Must read

Vector cartoon of a man blowing up a balloon of gossip
Vector cartoon of a man blowing up a balloon of gossip

අද අපට අවශ්‍යව තිබෙන්නේ මෙහි සත්‍යතාවයක් තිබේදැයි නිවැරදි විද්‍යානුකූලව සොයා බැලීමයි. මේ සඳහා ක්‍රම කිහිපයක් භාවිතා කළ හැකිය.

1. මෙම පුවත්පතේ සඳහන් වෛද්‍යවරයා ඔහුගේ සේවා කාලය තුළ කරන ලද සැත්කම්වල රෝගීන් සහ ලේඛන සොයා එම රෝගීන්ට සිසේරියන් සැත්කම් සමග වඳ සැත්කම කර ඇති බව සඳහන් කර නොමැති නම් හා ඒ ගැන සැක නම් ඒ සඳහා එච් එස් ජී (Hysterosalpingography ) හෝ Hysterosalpingo contrast sonography (HyCoSy) පරීක්ෂාවක් සිදුකිරීම මගින් නාල අවහිරතා සිදුවී ඇතිදැයි පරික්ෂා කර ගත හැක.

2.වෛද්‍යවරුන් හෝ හෙදියන් කිසියම් වෛද්‍යවරයෙකු විසින් තමන්ගේ සේවා කාලය තුළ එසේ කරනු දැක හෝ අසා හෝ ඇතිනම් ඒ බව දැනුම් දීමට අධ්‍යක්ෂ රෝහල් අධ්‍යක්ෂකට හෝ අමාත්‍යාංශයට දැනුම් දීමට චක්‍රලේඛයක් නිකුත් කර එමගින් සැක සහිත වෛද්‍යවරුන්ගේ සැත්කම් පිළිබඳ තොරතුරු සහ රෝගීන්ගේ තොරතුරු එකතු කර ගත හැකිය.

3.තමාට එසේ සැත්කම් කර ඇති බව සැක රෝගීන්ට ළඟම පොලීසියට පැමිණිල්ලක් කර ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කළ හැකිය.

එසේම මෙම පුවත අසත්‍ය පුවතක් නම් එමගින් ජාතිවාදය ඇවිස්සීමට සහ රටේ ජනයා නොමඟ යැවීම වෙනුවෙන් නීති මාර්ගයෙන් ක්‍රියාත්මකවීම සහ පුවත්පත තහනම් කිරීම ද කළ යුතුව ඇත. මේ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්ගේ විද්‍යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පොලිසිය සහ ජනතාව එක්ව කටයුතු කළ යුතුය.

වෛද්‍ය පියල් පෙරේරා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article