spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එක්ව ජිවත්වෙමුද ? බෙදි බලලෝභීන්ට කොටුවෙමුද ? කටුවාපිටියේ අපි ට ඇරයුමක් ?

Must read

IMG-20190525-WA0057(8.15 am ) ත්‍රස්තවාදය යනු අද ලෝක බලවතුන්ගේද අතකොළු බවට පත්ව  සිය ඇතැම් අන්තවාදි අරමුණ ඉටු කරගැනිම සදහා ක්‍රියාත්මක විනාශකාරි වැඩපිළිවෙලකි.
අති බහුතරයක් දෙනා එයට අකමැති වුවද  ත්‍රස්තවාදියාට බහුතරයේ අකමැත්තෙන් කිසිදු වැදගත්කමක් ඇත්තෙම නැත.
ඒ ඔහු ක්‍රියාතමක වන්නේ කාගේ හෝ සංවිධානය අරමුණක් මුදුන් පත් කිරිමටම පමණි.
පෙරියමුල්ල ප්‍රදේශයේම දශක 5 ක් අධික කාලයක් ජිවත්වු සිංහලයෙකු පසුගියදා මිපුරට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අප මුසල්මානුවන්ට හිරිහැර කිරිමෙන් අපට ලබෙන සෙතක් නැති අතර ඉන් සෙතසැලසෙන්නේද නැවතත් එකි මුස්ලිම් අන්තවාදින් වෙතම පමණක්ය යන පැහැදිලිය.
අපගේ කුමන හෝ හිරිහැරයෙන් වෙන්කොට සැලකිම් මත එක් මුසල්මානුවෙකු හෝ අන්තවාදින්ගේ තුරුල්ලට යන්නේ නම් ඒ එක් මුස්ලිම් අන්තාවාදියට කළ හැකි විනාශය කොයිතරම් නම් මේ වෙන කොට දන්නේද  මිගමුවේදි නම් කටුවාපිටියේ ජනතාවමය.
රටතුල ක්‍රියාත්මක බලලෝභි දේශපාලන න්‍යාය පත්‍රයන්ගේද අතකොළු බවට පත්ව මිගමුවේදි මුස්ලිම් ජනයාට එරෙහිව දියත් කරන ලද ප්‍රහාරයන්ගෙන් පසුදිනම ඒ ජනයා බැහැදැකිමට පැමිණි කාර්දිනල් හිමිපාණන් කියා සිටියේ අප සියල්ලෝම ඒබ්‍රහම්ගේ දරුවෝ බවය.
ඒ වචන දෙක තරම් ගැඹුරු පණිවිඩයක් මිගමුවේ සාමයට ගරුකරන සැමට ලැබුනේ යැයි මම නම් නොදනිමු.
ඒ එදා වඩාත් වැඩියෙන්ම දැනුනේ කලින් දින රාත්‍රියේ නිදි වර්ජිතව බියෙන් ඇලලවි සිටින මුස්ලිම් ප්‍රජාවටය.
අප එක් දෙයක් පැහැදිලිව තේරුම් ගත යුතුව තිබේ.
එනම් පරාජිත බලවේගයන් කුමන හෝ මාර්ගයකින් යළිත් බලයට ඒමට කැසකවන සකලාකාර කුමන්ත්‍රණයන්ගෙන් මිදි සිටිමටය.
හමුදාපතිවරයා රටේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි කියද්දිත් පාසැල් වලට දරුවන්ට යැවිමට ඉඩනොදි සිටියේ කව්දැයි දැන් නිත්‍ය වශයෙන්ම පැහැදිලිය.
දරුවන් සිය අධ්‍යාපන කටයුතු සදහා සිත් එකලස් කරගෙන පේවි සිටියදි පුස් බෝම්බ පාසැල් අසල දමා යළිත් මේ තත්වය අවුල් කිරිමට කටයුතු කිරිම පිටුපස සිටින්නේ කව්දැයි යන්නට රටම දැන් දනි.
මේ සියළු වර්ධනය තුල පසුගිය දා කටුවාපිටියේ අපි යැයි කියාගත් කණ්ඩායමක් විසින් බෙදාහරින ලද පත්‍රිකාවක් සහ පල්ලිය අසල ඉඩම තබා ඇති පුවරුවක සටහන්ව ඇති දේ ගැනද මේ වන විට අවධානය යොමුකළ යුතුව තිබේ.
එමෙන්ම පසුගිය දිනවල බුකියේ තුල බෙදාහැරනු ඇතැමුන් නොකියවාම අන් අයටත් යවා තිබුණ කටුවාපිටියේ ඇත්ත එළියට යැයි සදහන් ලියවිල්ලක් විය.
පසුව එය ඇතැම් ගොසිප් පප්ලාගේ පිටුවලද අලවා තිබුණු අයුරු අප නිරික්ෂණය කළෙමු.
සංවේදි සටහනක් ලෙසින් ලිවිම ඇරඹි තිබුණ එහි අන්තර්ගත එක් විෂකුරු දෙයකි විය.
එය ඉදුරාම කිතුණුවන්ගේ දහමේ හරයටත් පාප්තුමන්ගේ අදාර්ශයටත් කාර්දිනල් හිමිගේ සහජිවන කැපකිරිම් වලට පැහැදිලිව එරෙහිව ගිය ප්‍රකාශයකි.
එහි හරය සරලව කියන්නේ නම් කටුවාපිටියේ මුස්ලිම් ජනයාට ඉන් ඉවත්ව යාම සදහා මාස 2 කක් කල් දි ඇති බවය.
ඉන් කියැවෙන්නේ කුමක්දැයි කටුවාපිටියේ පල්ලියේ පියතුමන් ඇතුළු බුද්ධිමත් කිතුණු ඇදිහිලිවන්තයන් නිසැක ලෙසම තේරුම්ගන්නවා ඇත.
එ් ප්‍රකාශය පාප්තුමන්ගේ අදාර්ශමත් දිවි පැවැත්වමට කොයිතරම් නම් පරස්පරද ?කාර්දිනල් හිමියන් විසින් ඉතා නිර්භිතව සිදුකරන ලද අපි හැමෝම අබ්‍රහම්ගේ දරුවන් යැයි කළ ප්‍රකාශයට එහෙම පිටින්ම එරෙහිව යාමකි.
බොරදියේ මාළු බාන අශිෂ්ඨටන් දැන් කටුවාපිටිය ගමේ ජනයා අතරට විෂබිජ පතුරුවන්නට පටන් ගෙන ඇති බව ඉතා පැහැදිලිය.
එබැවින් මේ අවස්ථාවේදි අවස්ථාවාදි බලලෝභි දේශපාලනය ඔබගේ නිවස තුලට රිංගගන අයුරු කටුවාපිටියේ බෝම්බය පිපිරිම සදහා පල්ලියට රිංගු අන්තවාදි මුස්ලිම් මිනිමරුවා හා සමානවම භායනයකි. අප්‍රෙල් 21 වනදා පිපිර ගියේ එසැණින් වුවද සිංහල අන්තවාදයට බලලෝභි දේශපාලන න්‍යාය පත්‍රයන්ට නිවසට ඇතුළුවන්නට දෙනවා යැයි කියන්නේ එය නිසැකයෙන් කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි කාල බෝම්බයක් වනු නිසැකය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article