spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුස්ලිම් සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ නාත්තණ්ඩිය මන්ත්‍රී රට පැනලා ?

Must read

MP Upul p(11.50 am ) පාස්කු ප්‍රහාරයෙන් සති තුනක් ගෙවීයාමට ආසන්නයේ දියත් කළ මුස්ලිම් සාමාන්‍ය ජනතාව ඉලක්ක කළ ප්‍රහාරයන්ට සැක පිට අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු රටින් පලාගොස් ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම මන්ත්‍රීවරයා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන අතර ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව මන්ත්‍රීවරයා රටින් පිටව ගොස් ඇත්තේ ප්‍රදේශීය සභාවට නිවාඩු ලිපියක් ද ඉදිරිපත් කරමින් බවත් වාර්තා වෙයි.

නමින් ඔහු උපුල් හේරත් වන අතර පලාගොස් ඇත්තේ යුරෝපීය රටකට බව විමර්ශනවලින් හෙළි වූ බව මේ සම්බන්ධව විමර්ශන සිදුකරන කොස්වත්ත පොලීසිය සදහන් කර තිබේ.

එසේම ඔහුගේ ඥාතීන් රැසක් යුරෝපයේ ජිවත් වන බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මේ අතර පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ මන්ත්‍රීවරයා පෙරළා මෙරටට පැමිණෙන විට ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවය.
newstube.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article