spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජාතිවාදයට පන දෙන්නෝ ..

Must read

5109851105_511a3540f6_z
වසර 30 ක් පමණ ගෙවා දැමුණු ජාතිවාද යුද්ධය නිමාවීමේ සතුටින් මුළු ශ්‍රීලාංකික ජනතාව එය නිමා කරන්නට උර දුන් ජනාධිපතිතුමා  ඇතුළු ත්‍රිවිධ හමුදාවට නොමක් තුති පුදා පින් දුනි. යුද්ධය නිමාවීමේ සතුටින් මුළු මහත් ලක්දිවයිනේ මිනිසුන් ප්‍රීති ගොසානගමින් නව රටක අරනලු සමගින් යලිත් පිබිදීය.
ඒ මේ රටට නැවතත් යුද්ධයක් අනවශ්‍යයි කියා දැඩි බලාපොරොත්තුවකිනි.
යුද්ධයෙන් පීඩා වින්දේ ලොකු පොඩි සැවෝමය. එවන් කුරිරු යුද්ධයේ අත්දැකීම ශ්‍රීලාංකික සැවොම අත්විදි  හෙයිනි. යුද්ධයට හේතු කාරණා සොයා බැලීමේදී අවංකවම මහජාතිය විසින් සුළු ජාතීන්ට කළ හිරිහැර පිළිගත යුතුව ඇත.
උතුරේ දෙමළ ජනතාවට කළ හිරිහැර ඉවසා ගත නොහැකිවූ ඔවුන් විසින් අවි අමෝරා
වෙනම රටක සුවාධීනව ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් කල සටන වසර 30දක්වා පැවැත්වීමේදී ලංකාවට බොහෝ දේ අහිමිවිය.  ආර්ථිකය කඩා වැටීම තුලින් අපේ රට ආපස්සට ගියා මිස රටේ දියුණුවක් නොලැබීය . ආපසු යුද්ධයකට මුල් වුනු හේතුව සොයා බැලීමේදී ද්‍රවිඩ ජනතාවට සිංහලයා විසින් කල අසධාරණය පිළිගත යුතු නොවන්නේද ? ඔවවුන්ගේ සම්පත් සුරාකෑම.  ඔවුන්ගේ භවබෝග බලයෙන් ලබාගැනීම ඔවුන්ගේ මත්ස්‍ය සම්පත තුට්ටුවට දෙකට මිලදී ගැනීම හා කප්පන්ගැනීම ස්ත්‍රීන් බලයෙන් දුෂණය කර හෝ බලහත්කාරකම් කිරීම ඔවුන්ට අඩු සැලකිල්ලක් දැක්වීම  , දුම්රියෙන් හෝ බසයෙන් ගමන්ගන්නා විට ආසනය උදුරා ගැනීම සහ ඔවුන්ව වහලුන් සේ සැලකීම. එවන් තාඩන පීඩන ඉවසා ගැනීමට නොහැකිවූ ඔවුන් දේශපාලන විසදුම් සෙවුමුත් එයෙනුදු යහපතක් නොවුණු ඔවුන් අවසන් විසදුම යුද්ධය තෝරා ගත්හ. එවන් යුද්ධයෙන් බැට කෑවේ සමස්ත ශ්‍රී ලංකාවාසීන් නොවේද?
30 වසරක යුද්ධයෙන් බැට කෑ අපි යලි නැගිට යුත්තේ සියලුම ජන කොටස් ශ්‍රීලාංකික යැයි පිලිගනා තුරු අප රට නිවහල් රටක් නොවුණු ඇත.දෙමළ හෝ වේවා මුස්ලිම් හෝ වේවා සිංහලයින් හෝ වේවා එකම දජයක් යට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය නිදහස ඔවුන්ට දී සමාන අයිතිවාසිකම් බුක්ති විදීමේ වරප්‍රසාදය ලබාදී ලොවේ සුන්දර රටක් නිර්මාණය කිරීම අරුමයක් නොවුණු ඇතැයි සිතමි.
ඒ උවත් දැන් දැන් සිදුවන දේ දුටු විට පෙනී යන්නේ ඇත.
අතීතයේ මහා ජාතිය විසින් දෙමළ ජාතියට කල අසාදාරණයම මුස්ලිම් ජනතාවටත් සිදුකරන විලාසයයි .ආගම් වාදය අවුස්සවා මුස්ලිම් ජනතාව බේද බින්න කර ඔවුන්ට වෛයිරයේ විසබීජ පොවනවා වගේ  හැගේ.  අළුයට හැංගුණු ගිනිදලු මතුනොකර එකම රටක එක කොඩියේ සෙවනේ ශ්‍රීලාංකික හැමට ජීවිත්වීමේ නිදහස සහ තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතියද ලබා දිය යුතුයි. බොදුබලසේනා නමින් සංවිධානයක් පිහිටවාගෙන එහි නායකකම අසීලාචාර හාමුදුරු නමකට පවරා හාමුදුරු නමකට සුදුසු නැති අයුරින් හැසරී කුණුහරුපයෙන් බැනවැදී මුස්ලිම් ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යාමේ වෛයිරයෙන් නැවතත් යුද්ධයකට ඇද දැමීමේ කුමන්ත්‍රණය හෙළිදරවු කරගැනීමේ කාලය එලබ ඇත.
මහින්ද ජනාධිපතිතුමා යුද්ධය දිනවා බලයෙන් මිනිසුන්ගේ සිතේ වීරයකු වී ඔහුට අද දින ජනතා අප්‍රසාදය දිනෙන් දින වැඩිවීමේදී නැවතත් යුද්ධයක් මවා පුතා රජකර දෙවන යුද්ධයේ කීර්තිනාමය මහින්ද පරම්පරාවට ගැනීමේ කුමන්ත්රණය බොදු බල සේනා හා දිගහැරීමේ ජවනිකවක්දයි ලංකාවාසී ජනතාවගේ සැකයක් මතුවී තිබේ.
එයට හේතුවී ඇත්තේ මේ නායක සංඝයා වන්සේගේ හැසීිරීමයි ඔහුට මේ තරම් රාජ්ජ්‍ය බලය ලැබුනේ ඇයි ? ධර්මය, සාසනය සංස්කෘතිය බුදු හාමුදුරුවන් දෙශනා කල සිල්වත් විදියට රැකගන්න ක්‍රම තියෙනා විට චන්ඩි ඇමතිවරයකු දාමරියකු සේ හැසිරී උන්මාදයකු වන්නේ ඇයි. කෙසේ වෙතත් ලාංකික ජනතාව හැමදාමත් මෝඩයන් නොවේ ඔවුන් ඇස් කන් පියාගෙන සිටිනවා නොවේ යැයි සිතමි.නැවතත් මේ රට ලේ විලක් නොකර සහජීවනයෙන් සාමපුරාවසියෙකුට ජීවත් වීමේ බුක්තිය නිදහස ලබා දෙන රටක් නිර්මාණය කිරීම දේශපාලකයන් දැනගත යුතුව ඇත.

අජන්ත මුතුකුඩ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article