spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජීවිතය අත්නොහරින මිනිස්සු

Must read


මේ ඉන්නේ, මේ වන විට 65 වන වියේ පසුවන සුනිල් මහතා. මෙයාගේ පදිංචි වෙලා ඉන්නේ දාගොන්නේ. මෙයා දරුවෝ හතර දෙනෙකුගේ පියෙක්. කලින් ඔහු රැකියා කෙරුවේ ගාමන්ට් එකක, කම්කරු අත් උදව් කරුවෙක් විදියට. ඔහුට එතැන රැකියා කරන්න හැකි වුණේ අවුරුදු දෙකක් වගේ සුළු කාලයක්. මොකද රැකියා කරන අතරතුරම ඔහුට පක්ෂඝාත හෙවත් අංශභාග රෝගය හැදුනා. සිංහල වෙද මහත්තෙකුගෙන් ප්‍රතිකාර අරගෙන , ඒ රෝගයෙන් ගොඩ ආවත් ඊළඟට ඔහුට මුහුණ දෙන්න වුනේ දරුණු හෘද රෝගී තත්ත්වයකට. ඒකට ප්‍රතිකාර ගන්න ඔහු තවමත් දිගටම වෛද්‍ය සායන වලට සම්බන්ධ වෙනවා.
කොහොම වුණත් ජීවත්වීමත් මේ කාලයේ ලොකු අර්බුදයක් නිසා දැනට අවුරුදු දෙකකට විතර වගේ ඉස්සෙල්ලා ඔහු මේ පුංචි ස්වයං රැකියාව පටන් ගත්තා.විශේෂයෙන්ම මීගමුට තලාදුව පාරේ වගේ ප්‍රදේශවල ඔහු නිවෙස් කරා දවස ගානේ ගිහිල්ලා ඒ නිවැසියන්ට අවශ්‍ය කංකුං මුකුණුවැන්න, ගොටුකොල, වගේ පලා වර්ග ඒ වගේම කොස් මැල්ලුම්, කොස් ඇට වගේ දේවල් අලෙවි කිරීම කරනවා.ඒකෙන් යම් මුදලක් ලැබෙන නිසා ඒක දවයේ වියදම පියවා ගන්න, සුළු හරි සහනයක් කියලයි සුනිල් කියන්නේ.
ඔහුගේ දියණියන් දෙන්නම මේ වෙද්දි විවාහකයිලු. ඔහුට පුතාලා දෙන්නෙක් ඉන්නවා එක පුතෙක් කතා කරන්න බැරි ගොලු දරුවෙක්ලු. තමන්ගේ බිරිඳත් රැකියාවක් නොකරන හන්දා කොහොම හරි ජීවිකාව ගෙනියන්න තමන් මේ කරන ස්වයං රැකියාවෙන් ලැබෙන සුළු මුදලක් හෝ කොහොම හරි පිරිමසා ගන්න තමයි සුනිල් උත්සාහය.

තුෂාර රොහාන්

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article