spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජීවිතය ටොයිස් වැඩක් කරගත් අජිත්…

Must read

ඔහු  නමින්  අජිත්ය.  දරු  තිදෙනෙකුගේ  පියෙකි. කටාන  ආසනයට  අයත්  කදිරානේ  ජයබිම  ඔහුගේ  ගම් පළාතයි.  අප  ඔහු  මුනගැහෙනවිට  මීගමුව  මාරිස්ටෙලා  විදුහලට  මායිම්ව  ඇති  තාප්පය  අසල  සිට තමන්ගේ  ටොයිස්   බඩු  සකසමින්   මෙම  ස්ථානය  ඔහුගේ  තාවකාලික  සාප්පුව  කරගෙන   තිබින.  තමන්ගේ   බෝනික්කන්,  සෙල්ලම්බෝල,  විවිධ   වර්ගයේ  බැලුන් බෝල,  වැනි  ටොයිස්   භාණ්ඩ  සදහා  හුළං  පුරවමින්ම  ඔහුගේ  කථාව  කෙටියෙන්  අප  සමඟ බෙදා  ගත්තේ  මෙසේය.

ඔයාගෙ නම,  පවුලේ  විස්තර  එහෙම   කොහොමද?

මගෙ නම  අජිත්.  වයස  අවුරුදු45 ක්වෙනව.  දරුවො  තුන්දෙනෙක්  ඉන්නව. බිරිඳ රස්සාවක්  කරන්නෙනෑ.  එයා  මගෙ  මේ  වැඩ වලට  උදව්  කරනව. මම ජීවත්වෙන්නෙ  කදිරානෙ  ජයබිම   කියන  ගමේ.

ඇයි   මේ  රස්සාව   තෝර  ගත්තෙ?

මේසන්  වැඩ  තමයි  මුලින්  ක‍ළේ.  තෙල්  බැරල්  එකක්  උස්සන්න  ගිහිල්ල   මගෙ  කොන්දෙ   අමාරුවක්   හැදුන.  සෑහෙන්න   බෙහෙත්  කළා.  හරිගියෙ නෑ. ඊට පස්සෙ  මගෙ  යාළුවෙක්   මේ  වැඩේට   පාරපෙන්නුව.  එයා  ටොයිස්  බඩු  විකුණන  කෙනෙක්. මේ  රස්සාවට   දැන්  අවුරුදු  10ක් විතර  වෙනව.  කොහොමහරි   පවුල  ජීවත්  කරවන්න  එපැයි.DSC_0015

වෙන  කොහෙද   මේව  විකුණන්නෙ?

මම  ලංකාව  වටේම  යනව.  උත්සව  තියෙන  තැන්  වලට  තමයි  වැඩියෙන්  යන්නෙ. තලෙයිමන්නාරමටත්  යනව. ඒ  කෝවිල්  වල  උත්සව  තියෙන  නිසා.  නුවර  පෙරහැර  තියෙන  කාලෙට  නුවර  යනව. සමහර තැන්වලදි  මුදල්  අය  කරනවා. දැන්  මේ  වගේ  තැන්වල   මුදල්  අයකිරීමක්  නෑ.  ස්කෝලවල  උත්සව  වලදි  රු.500/ක්  විතර  ගන්නව.

මේ රස්සාව  කරන්නෙ  සතුටින්ද?

ඔව්,  මේක  ටොයිස්   වැඩක්නෙ.  මම මුලින්ම  ගෙවීමේ  ක්‍රමේට  මේ  මෝටර්  බයිසිකලේ  ගත්ත. දුර  ගමන්  යන්නෙ  බස්එකේ.   පොඩි  බඩු ටිකක්නෙ  තියෙන්නෙ. මට  දවසකට   රු.1000ක්  2000   හම්බ වෙනව.  සමහර දාට   500ක්  නැති වෙලාවලුත්   තියෙනව.  ටොයිස්  වැඩක්  නිසා  අමතර  වියදමක්  යන්නෙ නෑනෙ.  මමකැමතියි  මේක  ටිකක්   දියුණු  විදිහට   ස්ටෝල්  එකක්  දාල  කරන්න.

අජිත්ට  අනුව  ජීවිතය  කියන්නෙ  ටොයිස්  වැඩක්.  ඒක  කුමන  අමාරු  තත්වයකට  පත්වුනත්  මේ  ජීවිත  ගමනේදී  ඒ වගේ  අය  පරාජය  කරන්න  කිසිවෙකුට   නොහැකියි.  වීදියේ , බස්නැවතුම්පළ්, උත්සව පැවැත්වෙන  තැනක,  කොහේ  හරි  මුල්ලක  ඉඳල  තමන්ගෙ   ජීවිතය  ගැටගහගන්න  ඔවුන් වෙර  දරනව.   ඒඅය  ගැන  පොතක පතක   නොලියැවුනාට   වංචාවන්, සටකපටකම් මත  බල්ලො  මරල හරි  සල්ලි  හම්බ  කරන  ඉහළපෙලේ  මිනිස්සු  අනුව  බලනවිට  මේ වගේ  තැන්  වලින්   මතුවන  මෙවැනි  අය  මේ  සමාජයේ   ඉන්න  වීරයො  කියල  කිව්වොත්  නිවැරදියි.  මේ  නිසා  අපි  ඔහුට  හදවතින්ම ජයවේවායි!   පතමු.

සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article