spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කන්දකුලියේ බෝට්ටුවකින් රත්තරන් බිස්කට් මතුවේ

Must read

MW-FP824_gold07_20170706203004_ZHකල්පිටිය කන්දකුලිය වෙරළෙහි නවතා තිබු සැකකටයුතු එක් දින ධිවර යාත්‍රාවක සගවා තිබු රුපියල් කෝටි පහක වටිනාකම ඇති රත්තරන් කිලෝ හතක් ඊයේ : 24 දා – රාත්‍රි   ශ්‍රී ලංකා නාවික හමුදා  විසින්  අත්අඩංගුවට ගෙන තිඛේ.  මේ සමග පුද්ගලයන් දෙදෙනෙකු ගෙන ඇත.   හමුදා බුද්ධිි අංශ නිලධාරින් වෙත ලැබි තිබු තොරතුරක් මත විශේෂ නාවික නිලධාරි කණ්ඩායමක් කන්ද කුලිය වෙරළට ගිය අවස්ථාවේදී දි එම වෙරළෙහි සැකකටයුතු ලෙසින් නවතා තිබු එක් දින ධීවර යාත්‍රාව දැක එය අත් අඩංගුවට ගෙන ඇත.
පසුව පරීක්ෂා කිරිමෙන් පසු එම යාත්‍රාවෙහි තිබි පාර්සල් හතක් හමුවු  බවත් ඒවා විවෘත කර බැලු විට එහි රන් බිස්කටි කිලෝ හතක් තිබු අතර ඒ තුළ ග්‍රෑම් 100 බැගින් බර බිස්කටි  70 ක් තිබු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාර්ඩර් දිනේශ් බණ්ඩාර මහතා පවසන ලදි.
ඒම මහතා කරුණු දක්වමින් , එම යාත්‍රාවෙහි පුද්ගලයින් දෙදෙනෙකු සිටි අතර ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගත් බවත් මෙම දෙදෙනා කන්දකුලිය ප්‍රදේශයේම පදිංචිකරුවන් වශයෙන් දැනට හඳුනා ගෙන ඇති බවත් පැවසිය.
මෙම රන් තොගය නිති විරෝධි ලෙසින් මෙම යාත්‍රාවෙන් ඉන්දියාව බලා
ගෙන යාම පිනිස සුදානමම් කර තිබු බවත් සැකකරුවන් හා රන් තොගය වැඩි දුර කටයුතු පිනිස රේගු ව වෙත බාර දීමට නියමිතව ඇති බවත් කමාන්ඩර් දිනේශ් බණ්ඩාර මහතා පවසන ලදි
ඔගස්ටින් ප්‍රනාන්දු – හලාවත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article