spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජේයරාජ්ගේ පුත් භානුකත්, මවගේ මැතිවරණ සටනට එක්වේ ……

Must read

බානුකගම්පහ දිස්ත්‍රික්කයේ සිටි ප්‍රබලතම ශ්‍රිලනිප දේශපාලකයා වු ජේයරාජ්ව ඝාතනය කොට නිහඩ කිරිමේ දේශපාලන න්‍යාය පත්‍රයක් එදා සැලසුම් සහගත ලෙසින් ක්‍රියාත්මක විය.
එම ඝාතනයත් සමඟින් ගම්පහ දිස්ත්‍රික්කය තුල විවර වු හිඩැස රාජපක්ෂවරුන්ට ගමන් අරඹන්නට අවැසි පසුබිම සපයා තිබුනි.
බැසිල් රාජපක්ෂ ගම්පහ හරහා බස්නාහිර පළාත සිය දේශපාලන භුමිය බවට පත්කරගන්නේ ඒ අනුවය.
ඒ පසුපසින්ම පුෂ්පා රාජපක්ෂද පෙළගැසෙමින් සිටියාය.
ජේයරාජගේ ගරුහරුකම් මත දේශපාලන ගමන් ඇරඹු නිමල් ලංසා ජේයරාජ්ගේ ඝාතනයත් සමගින් බැසිල්ගේ තුරුලට පැන ඒ හරහා උපරිම වාසි අත්කරගනිමින් දේශපාලන පොරපිටිය තුල පිණුම් ගසන්නට තරම් මුදල්ද හම්බ කර ගත්තේය.
මේ නිසාම නිමල් ලංසා කොයිතරම් නම් අවස්ථාවාදි උපයෝගිතාවාදියෙකුදැයි කටාන ජනතාව ඉතා හොදින් දනි.
ජේයාරාජගෙන් සියළු වරප්‍රසාද ලැබ ඔහු මිය ගිය පසු ජේයරාජ්ගේ බිරිඳව පවා දේශපාලනික කොන්කොට දේශපාලනයෙන් අතුගා දැමිමට ඉතාමත් සුක්ෂම ලෙසින් ක්‍රියාත්මක වු රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ රැසක ග්‍රවුන්ඩ් බෝයි වැඩේ කෙරුවේද නිමල් ලංසාය.
දැන් දේශපාලනිකව ගම්පහදි තනවි ඇති නිමල් ලංසා යළිත් සිය අවස්ථාවාදි ප්‍රවේශය ඉදිරියට ගනිමින් කටානේදි  තමන්ටද සහය වන ලෙස සුදර්ශණිගෙන් ඉල්ලා ඇත.
ඒ මිගමුව තුල ඔහුගේ ඡන්ද පදනම් වසර ගණනාවක් තිස්සේ අහිමිව ගොස් ඇති පසුබිමකය.
රාජපක්ෂවරුන් ගැනත් නිමල් ලංසා ගැනත් දැන් ඉතා හොදින් දන්නේ සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ පමණක් නොවේ .ජෙයරාජ්ගේ පුත් භානුක ප්‍රනාන්දුපුල්ලේටද දේශපාලනිකව මේවා ඉතා හොදින් තේරුම් ගෙන ඉන්නවා සැක නැත.
කෙසේ වෙතත්  සට කපට අවස්ථාවාදි පිරිමි දේශපාලනය මැද භානුකගේ හයිය සුදර්ශණි හට ඉතා වැදගත් වනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article