spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජෝන්ද බැප්ටිස් පාසල ,දේශපාලන සහ ආගමික අධිකාරියේ ගොදුරක්ද?

Must read

imagesබම්බුකුලිය ජෝන්ද බැප්ටිස් කනිටු විදුහලේ ආදී ශිෂ්‍යයන්  මෙන්ම දෙමාපියන් ගිිය ඔක් 05 වනදා විදුහල ඉදිරිපට උද්ඝෝෂනයක නිරත වූයේ  හිටපු විදුහල්පතිවරයා නැවත ලබාදෙන ලෙස ඉල්ලමිනි. එයට හේතුව ලෙස දෙමාපියන් ඉදිරිපත්කරන චෝදනාව වන්නේ වසර 2ක් යන්නට මත්තෙන් හිටපු විදුහල්පතිවරයාට ඉල්ලා අස්වෙන පසුබිමක් එක්තරා කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් විසින් උදාකළ  බවයි. එසේ නොමැති වූවා නම් තම දරුවන්ගේ අනාගතය අධ්‍යාපනය පැත්තෙන් ඉතාමත් සාර්ථක වනවා මෙන්ම පාසලද ඉතා උසස් තත්ත්වයකට පත්වෙන බව ඔවුන්ගේ අදහසයි.
විරෝධතාවයට පෙර  මෙම දෙමව්පියන් ප්‍රෙද්ශයේ හා කලාපයේ කාතෝලික ආගමික නායකයන් වෙතට ද සිය ඉල්ලීම ලිඛිතව බාරදෙන ලදී. තමන්ට ලඟම දේශපාලන නායකයන් වන පළාත් සභා මන්ත්‍රී  ලලිත් වනිගරත්න, පළාත් සභා මන්ත්‍රීනී රෝස් ප්‍රනාන්දුට ද තම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සිය ඉල්ලීම් වෙත කිසිම ඇහුම්කන් දීමක් නොකරන නිසා කණ්ඩායමක් ගොස් බිෂොප් මන්දීරයට ද සිය ඉල්ලීම ඉදිරිපත් කළ බව මෙම දෙමාපියන් පවසති. මේ වනවිට 10 වතාවක් පමණ බිෂොප් හවුස් එකට ඔවුන් ගිය බව දෙමාපියන් කියා සිටිති. නමුත් තම ඉල්ලීමට කිසිවෙකුත් ඇහුම්කන් නොදෙන්නේ මෙම ප්‍රශ්නය පිටුපස කතෝලික සභාවේ මැදිහත්වීමක් තිබෙන නිසා බවද  ඔවුන් එකහෙළාම පවසති.
ජෝන්ද බැප්ටිස් විදුහලේ ගැටුම මෙසේ දිගහැරෙන විට මෙම ප්‍රශ්නය විසඳීමට අධ්‍යාපන බලධාරීන්ද අස්මත් වී ඇති බව පෙනී යයි. මෙම ප්‍රශ්නයේ වින්දිතයන්  වන්නේ පාසල් සිසුන් ,දෙමාපියන් සහ හිටපු විදුහල්පතිවරයායි. ප්‍රශ්නය ඇතිකර ඇත්තේ බාහිර බලවේගයක් විසිනි. මෙම  බලවේගය කුමක්ද කියා දැන් මේ ප්‍රශ්නයට මැදිවී සිටින්නන් හොඳින් දනී.
මීගමුව අධ්‍යාපන කලාපයේ බලධාරීන් ද රාජ්‍ය බලය පසෙකලා මෙම බලයට යටවී ඇති බව පෙනෙන්නට තිබේ.
මීගමුවේ පාසල් වල සිටිය හැක්කේ කතෝලික සභාව විසින් තීරණය කරන විදුහල්පතිවරුන්ට බවටද නිදහස් අදහස් ඇති, දේශපාලනයට හා මුදලට යට නොවූ  අධ්‍යාපනඥයින්ගේ අදහසයි. මෙය සනාථ වීමට උදාහරණ බොහෝ ඇත. සමහර පාසල් වල විදුහල්පති ශේණි නොමැති අයද විදුහල්පතිවරුන් ලෙස සේවය කරති. සමහර පාසල් වල විදුහල්පති ශ්‍රේණි තිබුණත් ඔවුන්ගේ පත්වීමට කතෝලික පාසල් අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත,ප්‍රාෙද්ශී්‍ය දේශපාලනයේ මෙන්ම කලාප ආගමික බලධාරීන්ගේ කැමැත්ත නොමැතිව පාසලේ විදුහල්පති පුටුවේ හිඳගැනීමට හැකියාවක් නොමැත.
ඒ ඔවුන්ගේ පසුබිමේ ඇති ආගමික බලයෙනි. මෙම බලපෑම හමුවේ කලාප අධ්‍යාපන කාර්්‍යාලයේ බලධාරීන් තම රාජ්‍ය නීතිය හකුලා ගනියි. ඔවුන් උත්සාහ කරන්නේ කිසියම් නිල නොවන බලපෑම් කර එම විදුහල්පතිවරයාව කැමැත්තෙන් වෙනත් පාසලකට මාරු කිරීමයි. එවිට සියල්ලෝ සතුටුය.ප්‍රශ්නය අහවරය. දැන් මේ කලාප අධ්‍යාපන නිලධාරීන්ද මෙම රැහැනේම පුරුකක් බවට පත්වී හමාරය.  එහි සමහර බලධාරීන් දේශපාලන ගැතිභාවයකින් කටයුතු කිරීම හෙතුකොටගෙන මීගමුව කලාපයේ අධ්‍යාපන මට්ටම පවා පහත බැස ඇති බව නිදහස් අධ්‍යාපනඥයින්ගේ මතයයි.
වැල්ලවීදිය කන්‍යාරාමයේ විදුහල්පතිවරියක්ව සිටි කන්‍යා ‍ෙසාහොයුරිය අවසාන ගැටුම ඇතිකර ගත්තේ පල්ලියේ පියතුමා සමඟය. ඒ ඇය පාසලේ නොමැති අවස්ථාවේදී පාසල බලෙන් විවෘත කර දහම් පාසල් පැවැත්වීමේ සිදුවීමක් හේතුකරගනිමිනි. රජයේ වියදමින් නඩත්තු වන පාසල් පරිපාලනයට කිසිම ආගමික නායකයෙකුගේ අතපෙවීමක් අවශ්‍ය වන්නේ නැත. එය අචාරධාර්මිකවම වැරදිය. තමන්ගේ ආගමික සභාවන් වලින් සතපහක දෙයක් පාසල් පද්ධතිය නඩත්තුවට නොදෙමින් රජයේ වියදමින් නඩත්තු වන පාසල් වල පරිපාලනයට අනිසි ලෙස බලපෑම් කිරීම යුක්ති සහගත නොවේ. අපේ රටේ පාසල් රජයට පවරාගෙන බොහෝ කල් වන අතර,එහි සිටින්නේ රාජ්‍ය නිලධාරීන් වේ. ආගමික නායකයින්ට හට පාසල් පද්ධතියට බලපෑම් කිරීමට කිසි දු නෛතික පදනමක් නොමැත.
මෙම තත්ත්වය තේරුම් ගත්තද ප්‍රෙද්ශයේ සමහර දේශපාලකයින්ද තම ඡන්ද පදනම සෙලවෙයි යන බියටදෝ ප්‍රශ්නය දියාරු කර හැරීමට මාන බලති.
මීගමුවේ අධ්‍යාපනය දේශපාලන හා ආගමික බලපෑම් වලට යටකර තැබීමේ ඉතිහාසය එකවර නැවැත්වීමට නොහැකි වුවත් වර්තමාන රජය විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම වැදගත් වනු ඇත. ඒ සඳහා ද තව පියවර කීපයක් ඉදිරියට යා යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article