spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජෝන් ටාබට් මලල කී‍්‍රඩා තරගාවලියෙන් මාරිස්ටෙල්ලා පෙරමුණටම

Must read

46(Negombo)

ශී‍්‍ර ලංකා පාසල් මලල කී‍්‍රඩා සංගමය විසින් පැවැත්වූ 2011 වසරේ ‘‘ශී‍්‍රමත් ජෝන් ටාබට්’’ සමස්ථ ලංකා පාසල් මලල කී‍්‍රඩා තරගාවලියේ අනු ශූරතාවය හෙවත් දෙවන ස්ථානය දිනා ගැනීමට මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය සමත් වී තිබේ.

වාර්ෂිකව පවත්වන මෙම සමස්ත ලංකා පාසල් මළල කී‍්‍රඩා තරගාවලිය මෙවර පවත්වන ලද්දේ 81 වැනි වතාවට වූ අතර එය පැවැතියේ පසුගිය මැයි මස 14 සිට 16 වැනිදා දක්වා වූ තෙදින තුලයි. කොළඹ සුගතදාස ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී පැවැති මෙම තරගාවලියේ  ශුරතාවය හෙවත් ප‍්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත්තේ වලව රත්නායක විද්‍යාලයයි. ඒ මාරිස්ටෙල්ලා විද්‍යාලයට  වඩා වැඩි ලකුණු 04 ක් ලබා ගෙනය. මේ කී‍්‍රඩා තරගාවලිය සදහා දිවයිනේ උතුරු සහ නැගෙනහිර පලාත් ද ඇතුළුව සෑම ප‍්‍රදේශයකින්ම පාහේ පැමිණි පාසල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 3000 ක් පමන සහභාගී වී ඇත.

මේ අනුව තරගාවලියේ අනුශූරතාවයට අමතරව 16 න් පහල සමස්ථ බාලක අනුශූරතාවය, 20 න් පහල සමස්ථ බාලක ශූරතාවය, මුළු තරග පිටියේ බාලක ශූරතාවය, සහය දිවිමේ බාලක ශූරතාවය, මුළු තරගාවලියේම පැණිමේ ශූරතාවය සහ සමස්ථ  තරගාවලියේම දක්ෂතම කී‍්‍රඩකයාට හිමි ශුරතාවයද මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය විසින් හිමිකර ගෙන ඇත.

මේ තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩාකයා බවට පත් වූ මාරිස්ටෙල්ලා විද්‍යාලයේ උසස් පෙල වසරේ ඉගෙනුම ලබන සුමල් රණසිංහ මෙම තරගාවලියේ 20 න් පහල දුර පැණිමේ ඉසව්වෙන් ප‍්‍රථම ස්ථානය හිමි කර ගත් අතර ඔහු වාර්තා කල මීටර් 07 යි සෙන්ටි මිටර් 57 ක දුර ප‍්‍රමානය මේ වසරේ මෙතෙක් ලංකාවේ පවත්වන ලද මලල කී‍්‍රඩා තරගාවලියකදී දුර පැණිමේ ඉසව්වෙන් තබන ලද වැඩිම දුර ප‍්‍රමානය බවටද වාර්තා විය.

මෙම සුවිශේෂී ජයග‍්‍රහනය පිටුපස යෝධ ශක්තියක් ලෙස කටයුතු කරන මීගමුව මාර්ස්ටෙල්ලා මලල කී‍්‍රඩා කටයුතු භාරව කටයුතු කරන සුසන් තමෙල් , ලලිත් සිල්වා , පිලිප් රංජිත් සහ ටෝනි සිල්වා යන කී‍්‍රඩා පුහුණුකරුවන් සිව් දෙනාගේ සේවය සහ ඔවුන්ගේ නොමද කැපවීම මෙම ජයග‍්‍රහනයට සුවිශේෂී පිටිවහලක් වූ බව මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ විදුහපල්පති ගරු සුනන්ද අල්විස් සහෝදරතුමා පවසයි.

එලෙසම මෙම ජයග‍්‍රහනය සදහා මලල කී‍්‍රඩා ඉසව් වලට සහභාගී වූ පාසලේ දරුවන්ගේ ශක්තියත් , උත්සහයත් එමෙන්ම දැඩි ආත්ම විස්වාශයත් වැඩි වශයෙන් ඉවහල් වූ බවද සහෝදර තුමාගේ අදහසයි. සහෝදරතුමා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මාරිස්ටෙල්ලා විද්‍යාලය පාසලේ අධ්‍යාපන කටයුතුද උසස් ලෙස පවත්වා ගනිමින් වෙනත් කණ්ඩායම් කී‍්‍රඩාවන්ද ප‍්‍රගුණ කර සමස්ථ ලංකා මට්ටමේ ජයග‍්‍රහන ලබා ගනිමින් ද එලෙසම මලල කී‍්‍රඩාවෙන්ද මෙලෙස සමස්ථ ලංකා මට්ටමින් ජයග‍්‍රහන අත්කර ගනිමින් ද වෙනත් පාසල් වලට ඉතා හොද ආදර්ශයක් සැපයූ බවයි.

මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය බස්නාහිර පලාතේ විශේෂයෙන්ම කොළඹ ප‍්‍රදේශයේ ඇති සුපිරි සහ ජනපි‍්‍රය පාසල්ද එලෙසම දිවයිනේ මලල කී‍්‍රඩා සදහා නමගිය පාසල්ද පරාජය කරමින් මෙලෙස 2011 ‘‘ශී‍්‍රමත් ජෝන් ටාබට්’’ සමස්ථ ලංකා පාසල් මලල කී‍්‍රඩා තරගාවලියේ අනු ශූරතාවය ජයග‍්‍රහනය කිරීමට හැකි වීම පිලිබදව හදවතින්ම සතුටු වන බව විද්‍යාලයේ මලල කී‍්‍රඩා පුහුණු කරුවෙකු වූ සුසන් තමෙල් මහතා පවසයි. තමන් ඇතුළු අනෙකුත් පුහුණු කරුවන් තිදෙනාගේද එලෙසම විද්‍යාලයේ භෞතික  චිකිත්සකවරයාගේද අප‍්‍රතිහත ධෛර්්‍යය මතත් මනා සැලසුමක් කි‍්‍රයාවට නැගීම තුල මලල කී‍්‍රඩා ඉසව්වෙන් ලබා ගත් මෙම ජයග‍්‍රනය ඉතාම සුවිශේෂී ජයග‍්‍රහනයක් බවද ඔහු සදහන් කරයි. තවද ඔහු පවසන්නේ මේ ජයග‍්‍රනය මේ විද්‍යාලයට හිමි කර ගැනීම සදහා විදුහල්පති ගරු සුනන්ද අල්විස් සහෝදරතුමා ඇතුළු4 සමස්ථ ආචාර්්‍යය මන්ඩලයද ඉතාම සුභවාදීව කටයුතු කල බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article