spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජෝනිගේ මයිල් ගස් ගලවන වරාය සේවක කළු විරෝධය ඇරඹේ..!

Must read

Screenshot from 2020-07-23 16-37-02කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරණය කිරීම සඳහා මේ වන විට විෂය භාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව වරාය වෘත්තීය සමිති චෝදනා කරන බව විමල් විරවංශට අයත් ලංකා සි නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ. එහි වැඩිදුරටත් සදහන් වන්නේ ඊට විරෝධය පාමින් වරාය වෘත්තීය සමිති විසින් ඊයේ දිනයේ වැඩවර්ජනයක් ආරම්භකර ඇති බවය.

එම වැඩවර්ජනය සඳහා අනුශාසනා කිරීමට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද එක් වූ අතර උන්වහන්සේ වර්ජකයන්ගේ අත් වල කලු පටි බැඳීමෙන් කළු සතියක් ප්‍රකාශයට පත් කරන ලදී.

උන්වහන්සේ එහිදී කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමටත් තමන් වහන්සේලා ද ඉතා වුවමනාවෙන් වැඩ කළ ද මේ ආකාරයේ දේවල් බලාපොරොත්තු නොවූ බවයි.

ආණ්ඩුවට ඉතා සීමිත කෙටි කාලයක් තවත් ලබාදෙන බවත් මේ ආකාරයෙන් ජාතික සම්පත් විකුණා දැමීමට කටයුතු කළ හොත් ආණ්ඩුව හැදීමට මහන්සි වූවා සේම ඊට විරුද්ධ වේදිකාවේ නැගීමට ද පසුබට නොවන බව උන්වහන්සේ කියා සිටියහ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article