spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැරදි කළොත් ලකුණු කැපෙන රියදුරු බලපත්‍ර ක්‍රමය ක්‍රියාවට නැගේ….

Must read

bus acci 2රියදුරු බලපත්‍රයේ ඇති චිපය මගින් ලකුණු ලබාදීමේ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබේ.. ඒ ඊයේ (22) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ලකුණු විසිහතරේ සිට බිංදුව දක්වා බස් රථ ධාවනයේදී සිදුවන වැරදි සම්බන්ධව ලකුණු අඩුකරන බව අමාත්‍යවරයා සදහන් කළේය.

එම ලකුණු ප්‍රමාණය බිංදුව වූ විට ස්වයංක්‍රීයව රියදුරු බලපත්‍රය අහෝසි වනු ඇත.

දෛනිකව පුද්ලයින් 8කට අධික සංඛ්‍යාවක් මාර්ග අනතුරුවලින් මියයන බවත්, ඉන් සිදුවන ජීවිත හානි සහ දේපළ හානිවල වටිනාකම ගණනය කළ නොහැකි බව අමාත්‍යවරයා කීවේය.

බස් රථ රියැදුරන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවන අනතුරු සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය තවදුරටත පුළුල් කරන බව මහින්ද අමරවීර අමත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article