spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ටෙන්ඩර් 29 න් එකක් හොරපාරේ යයි ! බිච් පාක් එක ටෙන්ඩර් නොදාම ලංසා පවුලට ?

Must read

beach park 1මීගමුව මහනගර සභාව පළාත් පාලන නිතිය  ප්‍රකාරව ටෙන්ඩර් 29 ක් මෙවරත් නිසි පටිපාටියකට යටත්ව ටෙන්ඩර් කළ යුතුව තිබේ.
මේ ටෙන්ඩර් 29 න් මහා අනර්ඝ නිධානය බවට පත්ව ඇත්තේ වෙරළ උද්‍යානය පිළිබද ටෙන්ඩරයයි.
එය නොකඩවාම වසර 15 කටත් වැඩි කාලයක් හිමිකරු බවට පත්ව ඇත්තේ නිමල් ලංසාගේ පියාවන පිලෙන්ද්‍රන් ලංසාය.
එහෙත් ඔහු එය ලබාගන්නේ වෙනත් පුද්ගලයෙකු නමටය.
මෙම බිච් පාක් ටෙන්ඩරය කොයිතරම් ලංසා පවුලේ දේශපාලනයට වැදගත් වන්නේදැයි කිවත් ලංසා සොහොයුරන් සැබැවින් දේශපාලනය කරන්නේ මෙය සිය පියාවෙත ලබාදිම සදහාය.
එය යම්කිසි විදියකින් පිට යන්නේ නම් එය ලංසා පවුලේ අභිමානයට කැලලක් වේය යැයි හැගෙන තරමටි දැන්  එය ඔවුන්ගේ  කරගෙන ඇත.
මෙවර මේ ටෙන්ඩරය අදාල පටිපාටින්ට පිටින් යමින් ටෙන්ඩර් නොකරම දිර්ඝ කිරිම සදහා අවශ්‍ය පිඹුරු පත් දැන් සැකසෙමින් ඇති බැව් සැලය.
විලි ලැජ්ජාව වන්නේ මේ ගැන මුදල් කාරක සභාවේ දි මතුවෙද්දි එජාප නියෝජිතයන් හැසිරුනු අන්දමය.
සජිත්ගේ රැස්විමට අත්තනගල්ලට යාමට මහනගර සභාවෛ් කැබ් ලැබෙන්නේ නම් කැලි – සන්ලා කෙසේ නම් ලංසා පවුලට පිටුපාන්නද ?
බිච් පාක් සැබැවින්ම බිහිවන්නේ සංවර්ධනය වන්නේ මිගමුව මහජනයාගේ බදුමුදලින් මෙන්ම වෙනත් ආධාරද පදනම් කරගෙන මිගමුවේ ජනයාට උපරිමයෙන් එය බුක්ති විදිමටත් මහනගර සභාව විශාල අදායමක් උපයා ගැනිමටත්ය.
එහෙත් මිගමුවේදි සිදුව ඇත්තේ රුපියල් කෝටි ගණනින් මුදල් උපයා එය පෙරළා මහජන සුභ සිද්ධිය සදහා යොදාගැනිමටා ඇති  ඉඩ කඩ අහුරා ලමින් එය එක පුද්ගලයෙකු ජිවිත ආශාවන් සහ විනෝදාංශ නඩත්තු කිරිම සදහා යොදාගෙන තිබිමයි.
දැන් මතුවෙන ගැටලුව වන්නේ මිගමුවේදි පළාත් පාලන නිතිය ක්‍රියාත්මක කිරිමට  මේ පරිපාලන නිළධාරින් කටයුතු නොකරන්නේ මන්ද යන කරුණයි.
පළාත්  පාලන නීතිය යනු රටටම පොදු එකකි.
එය මැදමුලනට හෝ වැල්ලිවිදියට අවැසි ලෙසින් වෙනස්කළ නොහැක.
එහෙත් කප්පම් හොරමගඩි වලට උඩගෙඩි දෙන පිටකොදු බිඳගත් ඇතැම් පරිපාලන නිළධාරින් නිසා අද මිගමුව එහෙම පිටින් වැල්ලවිදියේ නිතියට යටත් එකක් බවට පත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article