spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ටේලර් වැඩෙන් වින්කල් වැඩට ගිය ‘ලයනල්’

Must read

වසර 30 ක පමණ කාලයක් තිස්සේ මීගමුවේ පාපැදි අලුත් වැඩියා කරන ස්ථානයක් (වින්කලයක්) පවත්වාගෙන යන අපූරු යුවළක් පිළිබඳව සටහනකි මේ.
‘ලයනල්ගේ වින්කලය’ ලෙස කා අතරත් ජනප්‍රිය මේ වින්කලය පිහිටා තියෙන්නේ මීගමුව ශාන්ත ජෝසප් විදියේ අකුර මුද්‍රණාලය අසල. මේ වින්කලය කරගෙන යන්නේ ලයනල් අන්කල් සහ ඔහුගේ ආදරණීය බිරිඳයි. අපි ළයනල් අන්කල් කියලා කිව්වට ඔහුගේ නියම නම වර්ණකුල සූරිය පටබැඳිගේ අන්තෝනි නිකලස් ද සිල්වා.ඒ වගේම ලයනල් අංකල්ගේ ආදරණීය බිරිඳ ගේ නම ප්‍රේමිනා ද සිල්වා.
අංකල්ගේ පවුලේ පුතාලා දෙන්නයි. ලොකු පුතා හෘද රෝගී තත්ත්වයක් නිසා මේ වෙද්දි මියගිහින්. දැන් ඉන්නේ අංකල්ගේ බාල පුතා විතරයි. ඔහු අලෙවි නිලධාරියකු ලෙස කටයුතු කරනවා. අට වැනි පන්තියට පමණක් පාසල් ගොස් තිබෙන ලයනල් අංකල් දක්ෂ ඇඳුම් මසන්නෙක් ඒ කියන්නේ ටේලර් කෙනෙක්. මීට අවුරුදු හතළිහකට , හතලිස් පහකට පෙර කාලයේ මිගමුව තෙල්වත්ත හන්දියේ ඉතාම ජනප්‍රියව තිබුණු පෙරේරා ටේලර්ස් ⁣ෂොප් එකේ තමයි ලයනල් අන්කල් වැඩ කරලා තියෙන්නේ. අංකල් කියන විදිහට පිරිමින්ගේ ෂර්ට් කලිසම් කපල කරලා ඕන විදිහකට මහන්න අංකල්ට පුළුවන්ලු. ඔහොම ඉන්නකොට අංකල් වැඩ කරපු ටේලර් ෂොප් එකේ අයිතිකාර පෙරේරා කියන තැනැත්තා අංකල් එක්ක සිත්තමනාපයක් ඇතිකරගෙන පස්සෙදි අංකල්ට එතන ඉන්න බැරි තත්ත්වයකට පත්වෙලා.ඊට පස්සෙ තමයි අංකල් ගේ පදිංචි ගේ තියෙන තැනම පාර අයිනේ බොහෝම සුළුවට මේ සයිකල් වින්කලේ පටන් අරන් තියෙන්නේ . අන්කල්ට මේ පාපැදී එහෙම නැත්නම් ෆුට් සයිකල් හදන්න පුරුදුවෙලා තියෙන්නේ ඉබේමයි. ඒ කියන්නේ තෙල් වත්ත හන්දියේ තිබුණා සයිකල් වින්කලයක් ඒ කාලේ . අංකල්ගේ තාත්තාගේ තිබුනලු ෆුට් සයිකලයක්. ඒක හදන්න කරන්න අංකල් සයිකලය අරන් ගියහම, අර වින්කළේ බාස්ට අන්කල් උදව් වෙනවලු ඒ සයිකලේ ගලවන්න කරන්න.ඉතින් ඔහොම සයිකලයේ ගලවලා කරලා, සයිකලය අලුත් වැඩියා කරන විදිහ බලන් ඉඳලා තමයි ,අන්කල් මෙි ෆුට් සයිකල් අලුත් වැඩියා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මේ වෙද්දී මේ වින්කලේ පටන් අරන් අවුරුදු තිහක් පමණ වෙනවා කියලා තමයි, ලයනල් අන්කල් කියන්නේ.
දැන් ලයනල් අන්කල්ගේ වින්කලේ ස්ටැන්ඩඩ්, ස්පෝර්ට්ස්, මවුන්ටන් සහ රේසිං ඇතුළු ෆුට් සයිකල් රෙපෙයාර් කරනවා. හුඟක්ම පැච් දාන්න, රෝද බකල් අරින්න, බ්‍රේක් හදාගන්න ඔය වගේ දේවල් වලට තමයි හුඟක් අය අන්කල් ගාවට එන්නේ. ඉතින් අංකල්ට වෙන ආදායමකුත් නැහැ. ලයනල් අන්කලුයි එයාගේ බිරිඳ ප්‍රේමීනා ඇන්ටි කාටත් කරදරයක් නොවී , කාටවත් අතපාන්නෙ නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්නේ මේ සයිකල් වින්කලයෙන් ලැබෙන දෛනික මුදලින්. ඒ වගේම 1996 අවුරුද්දේ අන්කල් හෘද රෝගී තත්ත්වයකට මුහුණ දීලා ,මේ වෙද්දි බයි පාස් සැත්කමක් පවා සිදු කරගෙන තමයි ඔහු මේ සයිකල් වින්කලය මේ විදිහට කරගෙන යන්නේ. අංකල්ට තවමත් හෘද රෝගී තත්ත්වයත් එක්ක ඇතිවුණු රෝගී තත්ත්වයන් තියෙනවා.ඒවා කිසිවක් ඕනවට වඩා තැකීමක් නොකර තමයි අන්කල් මෙි වින්කලය කරගෙන යන්නේ.
අංකල්ගාවට වැඩි වශයෙන් එන්නේ සයිකල් රෝද වලට හුළං ගහගන්න. ඒ සඳහා අන්කල් විදුලියෙන් ක්‍රියා කරන යන්ත්‍රයක් මේ වෙද්දි මිලදී ගෙනයි තියෙන්නේ, මොකද ඒ සඳහා වැඩිය මහන්සි වෙන්න හොඳ නැති හින්දා. මේ වෙද්දි ලයනල් අන්කල් ප්‍රේමානි ඇන්ටිටත් අර රෝද වලට හුළං ගහන යන්ත්‍රය ක්‍රියා කරන ආකාරය ගැන කියලා දීලයි තියෙන්නේ. ඉතින් බොහෝ විට වින්කලයට රෝද වලට හුළං ගහගන්න අරන් එන ෆුට් සයිකල් වලට හුළං ගහන වැඩේ කරන්නේ ප්‍රේමානි ඇන්ටි විසින්.
කොහොම උනත් ඇන්ටි අංකලුයි දෙන්නම කියන්නේ ගතින් වියපත් වුනක් හිතේ තියෙන ශක්තියෙන් හරි අවුරුදු තිහකටත් වැඩි කාලයක් තිස්සේ කරගෙන එන මේ වින්කලය ඉදිරියටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙන බවයි.
ඇන්ටියි, අංකලුයි දෙන්නම කියන්නේ ටවුම තියෙන වින්කල් වලට නම් හොඳට වැඩ තියනවාලු ශාන්ත ජෝසප් විදිය කිව්වහම මීගමු නගරයට ටිකක් දුරින් පිහිටීම නිසා අන්කල්ගේ මේ වින්කලේට එතරම් පිරිසක් ෆුට් සයිකල් හදන්න එන්නේ නැහැල්ලු. අනිත් එක තෙල්වත්ත හන්දියේ ශාන්ත ජෝසප් පාර පටන් ගන්න තැනමත් තවත් විනකලයක් තියෙන නිසාත් පෙර තරම්  පිරිසක් තමන්ගේ වින්කළයට නොපැමිණෙන බව තමයි ඔවුන් කියන්නේ.
ඇන්ටියි,අංකලුයි කීයන විදිහට එයාලට හුඟක්ම වැඩ තිබුනේ පසුගිය අරගලය කාලේ ඉන්ධන නැතුව ගිය කාලයේදීලු. ඒ දවස්වල නම් මිනිස්සු බොහෝ පිරිසක් එයාගේ පාපැදී අලුත් වැඩියා කරගන්න මේ වින්කලයට පැමිණියාලු.
කොහොම වුණත් ඔබේ ෆුට් සයිකලේත් අලුත්වැඩියා කටයුත්තක් කරගන්න තියෙනවා නම් ලයනල් අංනල්ව මුණගැහෙන්න සතියේ සෑම දිනකම උදෑසන 8.00 සවස 5.00 පමණ වනතෙක් අන්කල් ගේ සයිකල් වින්කලය විවෘතව තැබෙනවාලු.

සටහන – තුෂාර රොහාන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article