spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩුබායිහි සිටින ගැබිනි මවුවරු 100ක් ඇතුළු 275ක් හෙට දිවයිනට

Must read

 Middle-workers--2020.05.28
මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ඩුබායිහි සිටින ගැබිනි මවුවරුන් 100කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම රෝගී තත්ත්වයන්ගෙන් පසුවන සහ රැකියා බලපත්‍ර අවසන් වී සිටින විදෙස් ශ්‍රමිකයන් 275 දෙනෙකු හෙට (17දා) මෙරටට පැමිණීමට නියමිත බව විදෙස් සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසු බව අද වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

මෙසේ ලංකාවට පැමිණිමට නියමිත  සියළු දෙනාම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව යම් අයෙකුට කෝවිඩ් – 19 ආසාදිත බවට අනාවරණය වුවහොත් ඔවුන් ඩුබායි රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යොමු කරන බවද කොළඹගේ මහතා ප්‍රකාශ කළේය.

අන්තර්ජාතික නියමයන්ට අනුව එම කටයුතු සිදුකරන බවත්, ඔවුන් මෙරටට පැමිණීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව නිරෝධායනය සඳහා යොමු කරන බවත් කොළඹගේ මහතා සඳහන් කළේය.
මේ අතර පසුගිය කාලය පුරාවට සාමාජ මාධ්‍ය ඔස්සේ මැදපෙරදිග සිටින ගැබිණි මව්වරුන් ඔවුන් මුහුණු දි ඇති ඛේදනිය තත්වය පිළිබදව විඩියෝ මගින්ද ප්‍රචාරය කර තිබුණි.
කෙසේ වෙතත් මේ ආකාරයෙන් හෝ යම් පිරිසක් ගෙන්වා ගැනිමට රජය කටයුතු කිරිම අගය කළ යුතුව තිබේ.FB_IMG_1591170481121
මැදපෙරදිග රැකියාවල නිරතවන්නන්ගේ ජීවිත මේ මොහොතේ කොරෝනා වසංගතය හේතුවෙන් බරපතළ අවදානමකට ලක්ව ඇති අතර ඒ සාධාරණ මැදිහත්වීමක් පාලකයන් නොගන්නා තත්ත්වයක් දැකිය හැකිය.ඔවුන්ගේ ජීවිත අනතුරේ නොහෙළා එයට අවශ්‍ය ඉක්මන් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලා අද (ජූනි 03 )නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් විදේශ සේවා නියුක්ති කාර්‍යන්ශය ඉදිරිපිට පවත්වන ලද නිහඬ විරෝධයක්ද සංවිධානය කොට තිබුණි.
මුලාශ්‍රය – ada.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article