spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් 193 දිවයිනට ! ඕමානයේ සිට පැමිණි 5 කට කොරෝනා !

Must read

srilankanඅද (30) සවස 5.00වන විට තවත් කොවිඩ් ආසාදිතයන් පස්දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඔවුන් ඕමානයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසකි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 2047ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 193 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඩුබායි සිට අද (30) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් යානයෙන් පැමිණෙන ගුවන් මගීන් අතුරින් වැඩි පිරිසක් , එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් වේ .
ඩුබායි සිට ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන මෙම  විශේෂ ගුවන් යානය  අද දින රාත්‍රී 6.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස , එහිදී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි.
මුලාශ්‍රය – ada.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article