spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩෙංගු උවදුරෙන් තලාදූව ප්‍රදේශය බේරාගනිමු.

Must read

ඩෙංගු රෝගය මේ වන විට දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වසංගත රොගයක් බවට පත්වී හමාරය. පසුගිය කාලය තුල ඇදහැලුන වර්ෂාවත් සමග හිස එසවීමට පටන් ගත් මෙම රෝගය මේ වන විට මුළු දිවයිනේම මෙන්ම විශේෂයෙන් මීගමුව නගරයේ හා ඒ අවට ප්‍රදේශයන්ගේද දැඩි ලෙස ව්‍යාප්ත වී පවතී. අපට දැනගන්නට ලැබෙන පරිදි මීගමුව තලාදූව පාරේ වෙසෙන පවුල් රාශියකගේ එක් සාමාජිකයෙකුට හෝ සාමාජිකයන් කිහිප දෙනෙකුට පවා මෙම රෝගය වැලදීමෙන් මේ වන විට මීගමුව රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිති. එම පිරිසෙන් ඇතැම් අයගේ තත්වය බරපතල බවද දැනගන්නට ඇත. මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින ඩෙංගු රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහල යමින් පවතින අතර, විදේශීය සංචාරකයින් කිහිප දෙනෙක්ද ඩෙංගු රෝගය වැලදීම නිසා මේ වන විට මීගමුව මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ නිසාම මේ තත්වයෙන් හැකි ඉක්මනින් මිදීම සදහා ප්‍රදේශය පිරිසිදු කර ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීමේ ශ්‍රමදානයක් සංවිධානය කිරීමට Y’s Men Club of Negombo පොලීසිය පරිසර අංශය, තලාදූව පාර සුභ සාධක සංගමය හා මීගමුව නගර සභා සෞඛ්‍ය අංශය මේ වන කටයුතු කර තිබේ. එය අගෝස්තු මස  16 හා 17 යන දෙදින උදෑසන 8.00 සිට දහවල් 12.30 දක්වා පැවැත්වීමට නියමිතය.

WP_20160811_08_45_15_Pro

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article