spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඩෙංගු වසංගතය තවමත් මීගමුව බිය වද්දති.

Must read

  1. ඩෙංගු 2පසුගිය දිනවල මීගමුව සහ අවට ප්‍රදේශවල ඩෙංගු රෝගය සීග්‍රයෙන් පැතිර ගිය ආකාරය අපි දැක්කෙමු . අගොස්තුවේදී පමණක් මියගිය සංඛ්‍යාව 7 ක් ලෙස සලකුණු විය.

05 වනදා වනවිට රෝගීන් සංඛ්‍යාව 120 ක් ලෙස සටහන්වී ඇත. දිනපතා තත්වයන් වෙනස් වන අතර 150කට වැඩිවූ අවස්ථාද තිබින..

වෛද්‍ය ජයන්ත  මහතා ප්‍රකාශ කරන්නේ “ඊඩිස් ඊජිප්ටය” නම්වූ මෙම මදුරුවා රෝගයට හේතුවන අතර රෝගියා අනෙක් අයගෙන් වෙන්කර තැබිය යුතු බවත්, සියළු දෙනා මදුරු දැල් භාවිතා කර ආරක්ෂා විය යුතු බවයි.

තව දුරටත් කරුණු දක්වන ජයන්ත මහතා අක්කර 50, පාතිමාවත්ත වැනි ප්‍රදේශවල ජනතාව අගහිඟකම් වලින් යුතු මිනිස්සු බැවින් ප්‍රතිකාර ගැනීමේදී ඔවුන්ගේ අවබෝධය මෙන්ම ආර්ථික අමාරුකම්ද ප්‍රධාන සාධකයක් වන බව පෙන්වා දෙයි. රෝගය වැලඳී මුල් අවස්ථාවේදී කරන NS1නම් වන පරීක්ෂණය කිරීමට රු. 2100/ වැනි මුදලක් පුද්ගලිකව වැය කිරීමට ඔවුන්ට අපහසුය. ඒනිසා මේ අයට පවතින තත්වය සළකා නොමිලේ මදුරු දැලක් හෝ ලබාදීමට රජයට හැකිනම් එය මෙම රෝගය වැලැක්වීමට අදාල පරිසරයක් නිර්මාණය වීමට හේතුවක් වන බව දක්වා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article