spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තනි කකුලක් මත ජීවිතය තබා ජීවන ගමන යන සලීම් ඛාන්…..

Must read

 

IMG-20201205-WA0022saleem( 8.30 am ) ඔහු නමින් සලීම් ඛාන්ය. ජීවත්වීම සඳහා පලතුරු වෙළඳාමක් කරයි. නමුත් ඔහු කෙසෙල් තමයි මේ සඳහා යොදාගන්නෙ.
වයස අවුරුදු 60 ක් පමණ වන සලීම්ගෙ එක කකුලක් දියවැඩියා රෝගය නිසා කපල . ඉන් පස්සෙ තමයි ඔහු මේ කෙසෙල් වෙළඳාම කරන්නෙ.
මීගමුව , බ්‍රිටිෂ් ඔප්ටිකල්ස් එක අසල පලතුරු වෙළඳාමේ යෙදෙන අයෙකු දැක ඔහු වෙත ගොස් කතා
මේ පලතුරු කඩේ කෙරෙන්නෙ
රතු පැහැයෙන් යුතු ඔහුගෙ ත්‍රීවිල් රථයෙමයි. මීගමුවෙ බ්‍රිටිෂ් ඔප්ටිකල්ස් එක අසල තමන්ගෙ වෙලඳාම කරන අතර තුර නිදහස් වෙලාවක් ලද සැනින් මා ඔහු ලඟට කිට්ටු කළේ ඔහුගෙ විස්තර ටිකක් අසා දැනගන්නයි.
පළමුව ඔහු සම්බන්ධ පුද්ගලික වතගොත ගැන විමසූ විට සලීම් තමන්ගෙ හඬ අවධි කළේ මෙහෙමයි..
” මට දරුවො තුන් දෙනයි. ඒගොල්ලො දැන් විවාහ වෙල වෙනම ඉන්නෙ. බිරිඳයි මමයි විතරයි ගෙදර ඉන්නෙ. ඉතින් කාටවත් බරක් නොවී ජීවත් වෙන්න ඕන හින්ද මේ වෙළඳාම තෝර ගත්ත. ”

කොහොමද ව්‍යාපාර කටයුතු ?
” වරදක් නෑ මහත්තයො. කරගෙන යනව. මට හැමෝම උදව් කළා. පොලීසියේ ලොකු මහත්තුරු මට අවසර දීල තියෙනව මේ කෙසෙල් වෙළඳාමට. මෙතන තමයි මම වැඩියෙන් ඉන්නෙ. ප්‍රධාන කෙසෙල් වර්ග 5 යි ගේන්නෙ. මට ඒව විකුණ ගත්තහම ඇති. ”

ජීවිතේ කොහොමද?
” මම බොහොම සතුටින් ඉන්නෙ. නිකම්ම කාලය ගත කරනවට වඩා මේ වගේ ස්වාධීන දෙයක් කරල අතට කීයක් හරි හම්බ කරගෙන කාටවත් බරක් නොවී ජීවත් වෙන්න තියෙනව නම් එච්චරයිනෙ. අපිට ඉතිං ලොකු දෙයක් ඕනෙ නෑ.”
තමන්ගෙ එක කකුලක් නැති නමුත් ඒක සලීම් බාධාවක් කර නොගෙන තනිවම තම ව්‍යාපාරය පවත්වාගෙන යනබවත්, ඔහු තම බිරිඳ සමඟ සතුටින් තම ජීවන ගමන යන බවත් මා සමඟ පැවසුවේ සිනාමුසු මුහුණින්.
කකුල් දෙකම තිබියදීත් ජීවත් වෙන්න මගක් නැතිව ලතවෙන ඕනෑම අයෙකුට මේ සලීම් ඛාන් කදිම ආදර්ශයක්. තමන් කරන දේ කුමක් වුවත් , එය සතුටින් අනුන්ට බරක් නොවී කිරීම වැදගත් කියල තමයි සලීම් මා සමඟ අවසන් වශයෙනුත් අවධාරණය කළේ.

සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article